ව්‍යාපාරික පුවත්

ශ්‍රී ලංකා රජයේ ණය, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත් කල, ලොව වඩාත් ඌන සංවර්ධිත රටවලට වඩා ඉහළ මට්ටමක පවතින බව Moody’s Investors Service නිවේදනයක් මගින් අනාවරණය කර සිටී.

2017 වසර සඳහා Moody’s විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක සඳහන් වන්නේ ස්වාසිලන්තය, ඉතියෝපියාව, උගන්ඩාව, රුවන්ඩා, ඝානාව යන රටවල මධ්‍යම රජයේ ණය – දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතිකයක් ලෙස ගණනය කළ විට, ශ්‍රී ලංකාවට වඩා පහළ මට්ටමක පවතින බවයි.

Moody’s වාර්තාවට අනුව දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතකයක් ලෙසින් වැඩිම ණය බරකට හසුව සිටින්නේ ග්‍රීසිය යි. එය 180% කි. මෙය ශ්‍රී ලංකාවේ අගය 80% ක් ලෙසින් වාර්තා වේ.

මෙම වාර්තාව මගින් වැඩිදුරටත් අනාවරණය කර සිටින්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසින් ගත් කල උගන්ඩාව, රුවන්ඩාව වැනි රටවලට වඩා පහළ මට්ටමක පවතින බවයි.

Moody’s Investors Service වැඩිදුරටත් කියා සිටින්නේ 2018 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක නව දේශීය ආදායම් පනත මගින් රජයේ ආදායමෙහි ඉහළ යාමක් සිදුවනු ඇති බවයි.

– biz.adaderana.lk



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More