පුරවැසි කොලම

 

ඉතිහාසය නොකියවූ අයට වර්තමානය ද අනාගතය ද කියැවීමට නුපුළුවන. වරක් පුරාවිiා චක‍්‍රවර්ති මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් හෙළි කළ මේ කතාව කාබනික පොහොර කතාවට ද ඈඳා ගැනීම කාලෝචිතය. අපේ රටේ එක් සුප‍්‍රකට දේශපාලනඥයකු ජාතියට ඉතිහාසය කියැවීමේ අවස්ථාව නැති කළ නමුත් දැන් යළිත් ඉතිහාසයේ දොර විවෘත වී ඇත.

හරිත විප්ලවය තුළින් උපන් කෘෂි රසායන භාවිතය ලංකාවේ කෘෂි රටාව ආක‍්‍රමණය කරන්නට පටන්ගත්තේ 1960 සිටය. 1960 දී පිලිපීනයේ මැනිලා නුවර පිහිටුවූ අන්තර්ජාතික සහල් පර්යේෂණායතනයේ මූලික අරමුණ වූයේ ‘නෝර්මන් බෝලෝග්’ විසින් කෘෂි රසායන හරහා තිරිඟු වගාවට යොදාගත් තාක්‍ෂණික උපාය මාර්ග සහල් නිෂ්පාදනයට ද එකතු කිරීමය. මේ සඳහා ඇමෙරිකාවේ පෝඞ් පදනම සහ රොකපෙලර් පදනම පූර්ණ අනුග‍්‍රහය දැක්වීය.

1960 දශකයේ සිට හරිත විප්ලවය මැදින් දේශීය කෘෂිකර්ම භූමියට කෘෂි රසායන වැක්කෙරෙන්නට පටන් ගත්තේ මෙම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණය හරහාය.

හරිත විප්ලවය මෙරටට ගලා ඒමත් සමග දේශීය කෘෂිකර්මයේ මුදුනන් වී සිටි අයට රොකපෙලර් පදනමේ අනුග‍්‍රහයෙන් ඇමෙරිකාවේදී කෘෂිකාර්මික ආචාර්ය උපාධිය ලබාගැනීමේ වරම හිමිවිය. මෙය තවදුරටත් සරල ලෙස හඳුන්වා දෙන්නේ නම් කෘෂි රසායන භාවිතයේ අගය කටපාඩම් කරවීමේ පාඨමාලාව මෙහිදී අපේ කෘෂිකර්මයේ මුදුනන්ට පුහුණු කළ වැඩසටහනක් ලෙස මෙම ආචාර්ය උපාධිය පැහැදිලි කළ හැකිය. මෙම විදේශීය උපාධිය පොරවාගත් අපේ කෘෂිකර්මයේ ඇතැම් බලවතුන් ලංකාවට පැමිණි වහාම ඇමෙරිකාවෙන් ඔවුන්ට කටපාඩම් කළ කෘෂි රසායන භාවිතය හරිත විප්ලවය හරහා ක‍්‍රියාත්මක කරන්නට විය. මෙහිදී අපේ ගොවි පරපුර ගොඩයන් ලෙස හංවඩු ගසා දෙබිඩි බීජ – රසායනික පොහොර – පළිබෝධනාශක, යන්ත‍්‍ර සූත‍්‍ර ආදි ඇමෙරිකාවෙන් බදාගෙන ආ දේ ගොවිබිමේ ව්‍යාප්ත කරන්නට විය.

ආරම්භයේදී අපේ රත්තරං පොළොවට වසවිෂ රැුගත් රසායනික පොහොර වක්කරන්නට අකැමැති වූ ගොවීහු කෘෂි බලධාරීන්ගේ නියෝග මත රසායනික පොහොර රැුගෙන ආ නමුත් ඒවා කුඹුරුවලට නොදමා ගෙදර පිළිකන්නේ සඟවා තැබූහ.

ඊට හේතු වූයේ සියවස් ගණනාවක් තිස්සේ පරපුරෙන් පරපුරට ගෙන ආ පෙරහුරුකම් හා කළහුරුකම් අත්හැර දැමීමට ඔවුන් අකැමැති වීමය.

රසායනික පොහොර රැගෙන ගොස් ගොවීන් පිළිකනුවල සඟවා තබන බව දැනගත් කෘෂි බලධාරීන් – ප‍්‍රදේශයේ කෘෂිකර්ම නිලධාරියා විසින් කුඹුරට රසායනික පොහොර යෙ¥ බවට සහතිකයක් ඉදිරිපත් කරන තුරු ගොවීන්ට වගා ණය ලබාදීම අත්හිටුවනු ලැබීය.

මෙම කෘෂි බලධාරීන්ගේ අමානුෂික බලපෑම් නිසා කුඹුරුවලට යහමින් රසායනික පොහොර වැටෙන්නට විය. ඒ සමගම ගොවීන්ට යහමින් වගා ණය ලැබිණ. මෙම උපාය මාර්ගය ලංකාවේ කෘෂි ක්‍ෂේත‍්‍රයේ ව්‍යාප්තවීමත් සමග කෘෂි බලධාරීන්ට විදේශීය කෘෂි රසායන ආනයනික සමාගම් මගින් කොමිස් කුට්ටි – විදේශීය සවාරි – බලධරයන්ගේ ¥ පුතුන්ට විදේශීය ශිෂ්‍යත්ව – කොළඹට නුදුරු ප‍්‍රදේශවලින් සැප පහසු නිවාස – කෘෂි සමාගම්වල දැසිදස්සන් සහිත ඉහළ තනතුරු. මේ ආදී වශයෙන් අපමණ වරදාන කෘෂි රසායන ආනයනික සමාගම් මගින් ඉහළ පෙළේ කෘෂි මුදුනන්ට ලැබිණ. මේ අන්දමට දේශයේ කෘෂි ක්‍ෂේත‍්‍රයත්, දේශයේ පාරම්පරික ගොවි පරපුරත් විදේශීය සමාගම්වල කෘෂි රසායනවලට බිල්ලට දී එකල සිටි කෘෂි බලවතුන් නින්ද නොයන සැප පිරි ජීවිත හිමි කර ගත්හ.

එකල කෘෂි බලධාරීන් විසින් ඉරට්ට මෝඩයන් ලෙස සැලකූ රටට බත දුන් අපේ ගොවි ජනතාවට වකුගඩු, පිළිකා, දියවැඩියා වැනි බෝ නොවන රෝග උරුම විය. රටට බත දුන් මේ අභිමානවත් දේශයේ ගොවි ජනතාව වකුගඩුවෙන්, පිළිකාවෙන් මියයන විට බැංකුවලට හා වෙනත් ණය දෙන ආයතනවලට ණයකාරයන් බවට පත් වී සිටියා පමණක් නොව ඔවුන්ගෙන් යැපුණ දරු පවුල ද අනාථ විය. බැංකුවලට හා වෙනත් ණය දෙන ආයතනවලට ණය වී ලබාගත් ට‍්‍රැක්ටර්, කොළ මඬින යන්ත‍්‍ර, සුනාමි භූතයා ආදි යන්ත්‍රෝපකරණවල යකඩ ගොඩවල් ගෙවල්වල පිළිකන්නේ දිරාපත්වන්නට වූහ. 1960 න් පටන්ගෙන අපේ කෘෂි බලවතුන් රට පුරා දියත් කළ හරිත විප්ලවයෙන් අපේ ගොවි ජනතාවට අත් වී ඇත්තේ මෙබඳු ඛේදවාචී ඉරණමකි.

විශේෂයෙන් නුවර කලාවියේ පාරම්පරික ගොවි ජනතාව සියවස් ගණනාවක් තිස්සේ ස්වයංපෝෂිත ජීවන රටාවකට උරුමකම් කීහ. මෝසම් වැසිවලින් පසු හේනක් කොටා කුරහන් තල, මෙනේරි, එළවළු, මිරිස්, ලූනු ආදිය වගා කරගෙන කුඹුරෙන් වී ටික ගෙන නිරෝගීව ඉහෙන් බහින රෝගයක් නැතිව සරුසාර ජීවිත ගත කළහ. නමුත් මේ වනවිට වගාවට එක්කරන රසායනික පොහොර නාමයෙන් කුඹුරු බිම ජීවයක් නැති බොල් පසකින් පිරීයන අතර ඒවායේ ගොවිතැන් කරන ගොවි ජනතාව ද ජීවිතයේ සුවයක් සතුටක් නොලැබ අකාලයේ බෝ නොවන රෝගවලට ගොදුරු වී මියයති.

සෞභාග්‍යයේ දැක්ම සොයායන ගෝඨාභය රජයෙන්වත් ඉඩම් ටික හා ගොවි ජනතාව විනාශ වී යන මෙම හරිත විප්ලවයේ ශාපයට නිසි පිළියම් අප‍්‍රමාදව යෙදිය යුතුව තිබේ.

කෘෂි වකුගඩු රෝග උවදුර පිළිබඳව වසර ගණනාවක් තිස්සේ පර්යේෂණ හා ගවේෂණ කිරීමෙන් පසු කෘෂිකාර්මික වකුගඩු රෝගයට මුල් වී ඇති කෘෂි රසායන භාවිතය තුරන් කිරීමට මහාචාර්ය චන්න ජයසුමන මහතා (දැන් ඖෂධ නියාමන හා නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය* පසුගිය රජය සමයේ දිගින් දිගටම සටන් කළ නමුත් ඊට කන් දීමට එම රජයේ බලධාරීන්ට ගොවි ජනතාව කෙරෙහි උණුවන හදවතක් නොවීය. මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ හඬට වඩා කෘෂි රසායන ආනයනික සමාගම්වල හඬ එකල රජයට වැදගත් විය. 2014-2015 මහ කන්නයේදී නුවර කලාවියේ ගොවි පවුල් පනස් දහසක් හවුල් කරගෙන ඔවුන්ට දේශීය බිත්තර වී නොමිලේම ලබාදී කෘෂි රසායනවලින් තොර දේශීය වී වගාවක් මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ මෙහෙයවීමෙන් ක‍්‍රියාත්මක වූ නමුත් ඒවායේ අස්වනු නෙළන සමයේ බලයට පත්ව සිටි රනිල් රජය මගින් ගොනුන්ට හකුරු මෙන් වූ මෙම දේශීය වී වගාව අතපල්ලට දැමූ නිසා එම කෘෂි රසායනවලින් තොර දේශීය වී වගා වැඩසටහන් කඩාකප්පල් විය.

ආහාර බෝගවලට කෘෂි රසායන භාවිත කිරීමෙන් වකුගඩු, පිළිකා වැනි රෝග ජනතාව අතර පැළපදියම් වන අතර මේවා යෙදීමෙන් සරුසාර පස අජීවීකරණයට පත්වී බොල් වී යන බව දේශයට ආදරය කරන විද්වතුන් විසින් පුන පුනා අවධාරණය කිරීම හේතුවෙන් කාබනික පොහොර භාවිත කිරීමේ අවශ්‍යතාව මතු වූ නමුත් ඊට ගොවීන් නතුකර ගැනීමේ ප‍්‍රබල ව්‍යායාමයක් නොවීය. ගොවිතැනට කාබනික පොහොර යොදන ලෙස පුහු ඝෝෂාවක් වරින් වර රජයෙන් ගලාගිය නමුත් එය සජීවී ලෙස ගොවි සමාජය තුළ ක‍්‍රියාත්මක නොවීය. මාකඳුර ප‍්‍රදේශයේ කාබනික පොහොර නිපදවීමේ විශේෂ ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක වූ නමුත් එහි නිෂ්පාදිත කාබනික පොහොර නුවර කලාවියේ ගොවීන් අතරට ආවේ නැත. රාජ්‍ය මුදල් සම්භාරයක් වැයකොට ක‍්‍රියාත්මක කරන ලද මාකඳුර කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය ලත් තැනම ලොප් වී ගියේ දැයි ගොවීන් අතර කුකුසක් පවතී.

ඇද ගසේ සෙවණැල්ලත් ඇද යැයි කතාවක් තිබේ. කාබනික පොහොර නිෂ්පාදන සහ ආයෝජන වැඩසටහන්වලට ද අත් වී ඇත්තේ ඒ ඉරණමමය. මේ නිසා මේ සඳහා ඇද නොවන, නොනැමෙන හස්තයක් අනිවාර්යයෙන්ම යෙදිය යුතුව ඇත.

මේ ලිපියේ මුලින්ම සඳහන් කළ පරිදි මේ රටේ ගොවි ජනතාව කෘෂි රසායනවලට පෙළඹවීම සඳහා ගොවි ණය ලබා නොදීම වැනි දරදඬු නීති ක‍්‍රියාත්මක කර තිබේ. එම නීතිරීති අසම්මත වුවත් ගොවි ජනතාව කාබනික පොහොරවලට පෙළඹවීම සඳහා රාජ්‍ය අනුග‍්‍රහය පැත්තෙන් ගොවීන්ට දැනෙන බලපෑම් කළ යුතුව තිබේ.

එපරිද්දෙන් ගොවීන්ට බලපෑම් කළ යුත්තේ ක්‍ෂේත‍්‍රය තුළ ඇති තරම් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමෙනි. මාකඳුර වැනි එක් තැනක කාබනික පොහොර නිෂ්පාදනය කරනවාට වඩා වඩාත් ප‍්‍රායෝගික වන්නේ වගා කටයුතු කෙරෙන ප‍්‍රදේශවලම කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘති පටන් ගැනීමය. හැම තුලානයකම කෘ. ප. නි. ස. වරුන්, සමෘද්ධි නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් පත්කර ඇත. මෙම ග‍්‍රාමීය බල මණ්ඩලයට ග‍්‍රාම නිලධාරිගේ ද සහාය ලබාදී ඒ ගම් ප‍්‍රදේශයට වුවමනා කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩසටහන් සක‍්‍රීය කළ හැකිය. කාබනික පොහොර නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය, එනම් පිදුරු, වැටහිර අතු, අස්වනු ලබාගැනීමෙන් පසු බඩඉරිඟු, සෝයා, මුං, උඳු ආදියේ කොටස් වැව්වල පවත්නා ජපන්ජබර ආදී පරිසරයේ පවත්නා සම්පත් යොදාගත හැකිය. වුවමනා කරන්නේ ශක්තිමත් රාජ්‍ය නායකත්වයකි.

මහාචාර්ය චන්දන උඩවත්ත මහතා එප්පාවල පොස්පේට් නිධිය භාරව සිටියදී පොස්පේට් මිශ‍්‍රිත අපූරු කාබනික පොහොරක් නිෂ්පාදනය කරමින් ගොවි ජනතාවට හඳුන්වා දෙනු ලැබීය. නමුත් එතුමා සභාපති පුටුවෙන් ඉවත් කිරීමෙන් පසු ගොවි ජනතාවට ඵලදායක වූ පොස්පේට් මිශ‍්‍රිත කාබනික පොහොර හැදීමේ ඵලදායක වැඩපිළිවෙළ නැත්තටම නැති වී ගියේය.

මේ අත්විඳීම් ආශ‍්‍රිතව රජයට යෝජනා කර සිටින්නේ ශක්තිමත් කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කොට ඒවා ගොවීන්ට නොමිලයේ හෝ බෙදාදෙමින් ගොවි ජනතාව කාබනික පොහොරට නැඹුරු කිරීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කරන ලෙසය. මෙම අත්දැකීම් හා අත්විඳීම් ලබා ඇති මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ සඳහා හොඳම සුදුස්සාය. නමුත් වෙනත් විෂයයක් එතුමාට පැවරී ඇති නිසා කාබනික පොහොර නිෂ්පාදනය සහ ආයෝජනය සඳහා එක එල්ලේම රාජ්‍ය ඇමැතිවරයකු පත්කොට ගොවිතැනට අත්‍යවශ්‍ය එසේම බෝ නොවන රෝග පිටුදැකීමට කාබනික පොහොර ව්‍යාපෘතියකට ප‍්‍රමුඛත්වය ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිමු.

මෙම ලිපියේ සඳහන් සමහර කරුණු මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ‘වකුගඩු සටන’ ග‍්‍රන්ථයෙන් උපුටා ගතිමි. එතුමාට ස්තුතියි

එප්පාවල රත්න බී. ඒකනායක

ජාතික-ගොවිජන-එකමුතුව



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More