දේශීය පුවත්

කොවිඩ් ආසාදිතයන් ඇසුරු කළ පුද්ගලයින්ට ඉදිරි දින 7 තීරණාත්මක විය හැකි බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

මීළඟට වැඩි අවධානයක් යොමු කරන්නේ බ්‍රැන්ඩික්ස් සේවකයන් ගමන් කළ වාහන ඔවුන් සිටි ස්ථාන හා වෙළෙඳසල්වලදී සම්බන්ධ වූවන් පිළිබඳ බවත් ඔවුන් හඳුනා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවත් හෙතෙම අවධාරණය කළේය. එවැනි ආශ්‍රිතයන්ට ඉදිරි දින හත ඇතුළතදී රෝග ලක්ෂණ පහළවිය හැකි බවද යුද හමුදාපතිවරයා පැවැසීය.

මේ හේතුවෙන් ආසාදිතයන් එක් අයකු​ හෝ දෙදෙනකු හමුවූ සෙසු පළාත්වලත් කඩිනමින් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය බවත් වයිරසය පැතිරීම පාලනයට ගත හැකි සියලු පියවර ගනිමින් ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය. බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් නවසිය පනහක් පමණ ඊයේ (7 වැනිදා) රාත්‍රිය වන විට රෝහල් හා නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමුකර අවසන් බවත් අවධාරණය කළ යුද හමුදාපතිවරයා තවත් පිරිසක් සොයාගත යුතුව තිබූ බැවින් අද (8 වැනිදා) උදෑසන වන විට එම සොයා ගැනීම් අවසන් කිරීම අපේක්ෂාව බවත් කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More