දේශීය පුවත්

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍යය සුදත් සමරවික්‍රම මහතා පවසා සිට්න්නේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නියතුව සිට කොවිඩ්19 වෛරසය ආසාදනය වූ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාව එම කර්මාන්තශාලාවට වෛරසය රැගෙන ආ පුද්ගලයා නොවන බවයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ පසුගිය සැප්තැම්බර් 20 වනදා සිට ස්වශන අපහසුතා පෙන්වූ සේවක සේවිකාවන් ආයතනය තුළ දක්නට ලැබී ඇති බවයි. ඒ අනුව අදාල කාන්තාව කර්මාන්තශාලා පරිශ්‍රය තුළ අතරමැදියෙකු ලෙස ක්‍රියාකර ඇති බවට නිගමනය කළ හැකි බව වෛද්‍යය සුදත් සමරවික්‍රම මහතා පවසයි.

වෛද්‍යය සුදත් සමරවික්‍රම මහතාට අනුව සැප්තැම්බර් 20 වෙනිදාට දින 10ත් 14ත් අතර කාලයකට පෙර ඇඟලුම් කර්මාන්තශාලාවට වෛරසය ඇතුළුවී තිබෙන බවට නිගමනයකට පැමිණිය හැකිය.

ආසාදිතයින් 800ක් වැනි ඉහළ ආසාදිතයින් පිරිසක් අතර නිෂ්චිත වශයෙන්ම වෛරසය කර්මාන්තශාලාවට රැගෙන ආ පුද්ගලයා සොයා ගැනීම දුෂ්කර කාර්යක් බවදපවසා සිටියේය.

ඒ අනුව වෛරසය පැතිරීම ආරම්භ වූ ආකාරය සොයාගැනීම අපොහොසත් වීමට බොහෝ දුරට ඉඩ ඇති බව වෛද්‍යය සුදත් සමරවික්‍රම මහතා පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More