දේශීය පුවත්

පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා පසුගිය (05) පැවැති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී 20 වන සංශෝධනය සම්බන්ධයෙන් ප්‍රශ්න කොට ඇති බව දැනගන්නට තිබේ.

එහීදී සරත් වීරසේකර මහතා සදහන් කොට ඇත්තේ 20 වන සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව තමාගෙන් ප්‍රශ්න කර සිටින බවත්, ඒ සම්බන්ධයෙන් තමන්ට හෝ නිසි අවබෝධයක් නොමැති බවත්ය.

එමනිසා ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධානීන් සමග සාකච්ජා කිරීමට අවශ්‍ය බවද වීරසේකර මහතා එහිදී ප්‍රකාශ කොට ඇති බවද වාර්තා වේ.

එහිදී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කොට ඇත්තේ ඒ සදහා අවස්ථාව සලසා දීමට පියවර ගන්නා බවකි.

ජනපති ලේකම් කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා සහභාගීව සිටියේ නැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More