දේශීය පුවත්

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නව අධ්‍යක්‍ෂවරයා ලෙස වෛද්‍ය ප‍්‍රභාත් අමරසිංහ මහතා ඊයේ (6 දා)සිට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පියවරගෙන තිබේ.

හිටපු අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එම තනතුරෙන් ඉවත් කර එම ආයතනයේම නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ලෙස පත්කර තිබේ. නව අධ්‍යක්‍ෂ ධුරයට පත්කළ ප‍්‍රභාත් අමරසිංහ මහතා එම ආයතනයේම සිටි නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා වේ.

අධ්‍යක්‍ෂ ධුරයෙන් ඉවත් කළ ජයරුවන් බණ්ඩාර මහතා පවසන්නේ තමාට කිසිදු චෝදනාවක් එල්ල නොකර ඉවත් කිරීම හිතා ගැනීමටත් අපහසු බවය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.

අධ්‍යක්‍ෂ ලෙස රාජකාරි කළ වසර එකහමාරක පමණ කාලය තුළ කිසිදු චෝදනාවක් නොලබා මා රාජකාරී කළා. මා සිටි කාලය තුළ නොයෙක් ව්‍යාපාරිකයන් නීත්‍යනුකූල නොවන මිලදී ගැනීම් සඳහා යෝජනා ගෙනආවත් මම ඒවා ප‍්‍රතික්‍ෂේප කළා. ඇතැම් අය ජනාධිපතිවරයා දැනුවත්ව පැමිණි බව ප‍්‍රකාශ කළා. ජනාධිපතිවරයා මගෙන් විමසීමක් කළොත් සියල්ල පහදා දෙන්නම් කියා එවැනි අයට මා ප‍්‍රකාශ කළ අවස්ථා ගණනාවක් තියෙනවා. ඇතැම් විට මෙවැනි දේවල් නිසා මාව තනතුරෙන් ඉවත් කරන්න ඇති කියා හිතනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More