පුරවැසි කොලම

කොරෝනාට වඩා භයානක වසංගතය

October 7, 2020 7:01 am | Lanka Lead News

මිනුවන්ගොඩ කොරෝනා පොකුර පුපුරා ගොස් අවසන්ය. දැන් කළ යුත්තේ එය පුපුරා යෑමට හේතුව සොයනවාට වඩා පොකුර ආශි‍්‍රත ආසාදිතයන් ඉක්මනින් හඳුනාගෙන ඔවුන් නිරෝධායනයට යොමු කිරීමය. කොරෝනා වෛරසය මර්දනය කිරීමේ ගෝලීය ක‍්‍රමවේදය වන්නේ පරීක්‍ෂණ, පරීක්‍ෂණ සහ පරීක්‍ෂණ (T+T+T) යන්නය. මෙම ක‍්‍රමවේදය කි‍්‍රයාත්මක කළ නවසීලන්තය, තායිවානය, චීනය, වියට්නාමය වැනි රටවල් ඉතා සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගෙන තිබේ. කොරෝනා වසංගතය වේගයෙන් පැතිර ගිය රටවල් එය මර්දනය කිරීම සඳහා දියත් කළේ එම සැලසුම පමණි. එනම් පරීක්‍ෂණ ප‍්‍රමාණය වේගයෙන් ඉහළ දැමීමය. නමුත් ශී‍්‍ර ලකාව කොරෝනා පරීක්‍ෂණ ප‍්‍රමාණය ඉහළ දැමීමට කිසිදු සැලැස්මක් කි‍්‍රයාත්මක කළේ නැත. රටේ සෞඛ්‍ය බලධාරීන් මෙතෙක් සිදු කළ කොරෝනා පරීක්‍ෂණවල එකතුව ගැන සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් උදම්ඇනුවා මිස දිනකට සිදු කරන පරීක්‍ෂණ ප‍්‍රමාණය ඉහළ දැමීමට කටයුතු කළේ නැත.

ගෝලීය කොරෝනා දර්ශකයට අනුව ශී‍්‍ර ලංකාව ජනගහනයෙන් මිලියනයකට සිදුකර ඇති කොරෝනා පරීක්‍ෂණ ගණන 13,925 කි. එය දිනකදී පරීක්‍ෂණ 1500 ක් පමණ වේ. කොරෝනා මර්දනය කිරීමට නම් මෙම පරීක්‍ෂණ ප‍්‍රමාණය කොහෙත්ම ප‍්‍රමාණවත් වන්නේ නැත. එම නිසා දැන් සිට හෝ පරීක්‍ෂණ ප‍්‍රමාණය ඉහළ දමමින් ආසාදිතයන් හඳුනාගෙන ඔවුන් නිරෝධායනයට ලක් කිරීමේ කි‍්‍රයාවලිය වේගවත් කළ යුතුය. ඒ සඳහා පහසුකම් කඩිනමින් ස්ථාපිත කිරීම ආණ්ඩුවේ වගකීමය.

දැන් ලෝකයටම ඉතිරි වී ඇත්තේ එක විකල්පයක් පමණි. ඒ කොරෝනා වෛරසය සමඟ ජීවත්වීමය. ශී‍්‍ර ලංකාව වැනි දිලිඳු ආර්ථිකයක් ඇති රටකට, නැවත වරක් රට ‘ලොක් ඩවුන්’ කිරීම ගැන හිතන්නටවත් නොහැක. එම නිසා කළ යුත්තේ සෞඛ්‍ය නිර්දේශ අකුරටම කි‍්‍රයාත්මක කරමින් රට ඉදිරියට ගෙන යෑමය. ඒ සඳහා සැලසුම් කි‍්‍රයාත්මක කිරීම ආණ්ඩුවේ වගකීමය. සැලසුම් කි‍්‍රයාත්මක කිරීම පමණක් ප‍්‍රමාණවත් නැත. එම සැලසුම් අදාළ අංශ මගින් නිසි ලෙස කි‍්‍රයාත්මක කරනවා ද යන්න සොයා බැලිය යුතුය. රටේ කොරෝනා මර්දනය කිරීම සඳහා දියත් කළ සැලසුම්වලින් සමාජ දුරස්ථභාවය රැුකගැනීමේ නීති නිසි ලෙස කි‍්‍රයාත්මක වූයේ නැත. එම සැලසුම්වලින් නිසි ක‍්‍රමවේදයකට සිදු වූයේ විදේශ රටවල සිට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනය කර මුදාහැරීම පමණි. ජනතාව සෞඛ්‍ය නිර්දේශ පිළිනොපැදීම නිසා බස්රථ, දුම්රිය, සුපර් මාර්කට්, වෙළෙඳසල් කොරෝනා වෛරසය බෙදාහරින මධ්‍යස්ථාන බවට පත්ව තිබිණි. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සහාය ලබාගෙන මෙම ස්ථාන අධීක්‍ෂණය කළ යුතු වුවත් එම කි‍්‍රයාවලිය දියත් වුණේ නැත. සිදු වූයේ ගැසට් පත‍්‍රයක් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් දෙපිරිසකට බෙදී දෙස්දෙවොල් තබාගැනීම පමණි. මෙය ලෝකයේම කොරෝනා මර්දනය උපහාසයට ලක් කළ සිදුවීමක් විය. මින් ඉදිරියට මෙවැනි ‘ජෝක්’ සිදු නොවීමට ඉඩ තැබිය යුතුය. රටේ සෞඛ්‍ය බලධාරීන්ගේ මූලික වගකීම විය යුත්තේ සියලූ අණ පනත් අර්බුද විසඳා ගනිමින්, රටේ කොරෝනා මර්දන කි‍්‍රයාවලිය සාර්ථක කර ගැනීම සඳහා කටයුතු කිරීමය.

මේ වන විට කොරෝනා වෛරසයට වඩා භයානක වෛරසයක් සමාජගත වී තිබේ. එය නම් සමාජ මාධ්‍ය ජාලා මගින් ප‍්‍රචාරය වන ව්‍යාජ පුවත්ය. මෙය ලංකාවට පමණක් නොව ලෝකයටම අර්බුදයක් වී තිබේ. එම නිසා කොරෝනා මර්දනය කරන ගමන් සමාජ මාධ්‍ය ජාලා නියාමනය කිරීමේ කි‍්‍රයාවලියට ආණ්ඩුව අතගැසිය යුතුය. ලෝකයේ සෑම රටක්ම සමාජ මාධ්‍ය නියාමනය කිරීම සඳහා පෙරමුණ ගෙන තිබේ. සමාජ මාධ්‍ය ජාලා මගින් රට කැළඹීමට පත් කළ හැකි නම්, රටකට ආණ්ඩුවක් කුමකටද? එම නිසා හැකි ඉක්මනින් මෙම වසංගතය නතර කළ යුතුය. ආණ්ඩුව සමාජ ජාලා නියාමනය නොකළ හොත් එය ඉදිරියේදී කොරෝනාට වඩා මාරාන්තික වසංගතයක් වනු ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More