දේශීය පුවත්

යාපනයේ කොරෝනා ආසාදිත කාන්තාව ගමන් ගත් බස් රථ දෙකෙහි ගමන් කළ මගීන්ට වහාම පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කරගන්නා ලෙස උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී. කේතීස්වරන් මහතා ඉල්ලා සිටියි.

මෙම කාන්තාව කොළඹ සිට යාපනය බලා ධාවනය වූ අංක WP ND-6503 දරණ ‘රන්සිලු’ නැමැති බස් රථයේ පසුගිය සෙනසුරාදා (3) ගමන් කොට තිබුණි.

සෙනසුරාදා රාත්‍රී 8.30ට යාපනය බලා පිටත් වූ මෙම බස් රථය ඉරිදා (4) උදෑසන 5.00ට පමණ යාපනයට ළඟා වී තිබේ.

පසුව, පුන්කුඩතිව් බලා ඉරිදා උදෑසන 5.10ට ගමන් කළ NP ND-8790 දරණ ‘මාතා’නම් බස් රථයෙන් එම කාන්තාව නිවස බලා පිටත්ව ගොස් තිබේ.

කොළඹ සිට යාපනය බලා ධාවනය වූ බස් රථයේ විශාල පිරිසක් පැමිණ ඇති බව ඇය ප්‍රකාශ කිරීම හේතුවෙන් එම බස් රථවලින් පැමිණි අය වේ නම් ළඟම ඇති රජයේ රෝහලට ගොස් පී.සී.ආර්. පරීක්ෂණයක් කරගන්නා ලෙස උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටියි.

මේ පිළිබඳ වැඩිදුර විස්තර 021-2226666 යන අංකයෙන් ගත හැකියි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More