දේශීය පුවත්

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි ලබාදීම සඳහා පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම වෙත පැමිණ පැය එක හමාරක කාලයක් සාක්ෂි ලබාදීමෙන් අනතුරුව, අසනීප තත්ත්වයෙන් පසුවන බව පවසා, කොමිසමට දැනුම්දීමෙන් අනතුරුව ඉන් පිටව ගොස් ඇත.

අද පෙරවරු 10.00ට පමණ හිටපු අග්‍රාමාත්‍යවරයා කොමිසමට වෙත පැමිණියේය.

කොමිසමෙන් පිටව යන අවස්ථාවේදී හිටපු අග්‍රාමත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලටද, පිළිතුරු නොදීම ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි ලබාදීමට කොමිසම හමුවේ පෙනී සිටින පළමු අවස්ථාව මෙය වන අතර යළි ලබන 13 වනදා සාක්ෂි ලබාදීම සඳහා කොමිසම හමුවේ පෙනීසිටින ලෙස දන්වා තිබේ.

 


රනිල් වික්‍රමසිංහ ජනාධිපති කොමිසමට පැමිණේ!

2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසමට හිටපු අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි දීම සඳහා මීට සුළුවේලාවකට පෙර පැමිණි බව වාර්තාවේ. ජනාධිපති කොමිසම විසින් රනිල් වික්‍රමසිංහ මහතාට සාක්ෂි දීමට පැමිණෙන ලෙස කරනු ලැබූ නියෝගයට අවනත වෙමින් ඒ මහතා මෙසේ කොමිසම හමුවට පැමිණි බව වාර්තා වේ. මේ අතර ඊයේ දිනයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොමිසම හමුවේ පැය හතක කාලයක් සාක්ෂි දුන් බව වාර්තා විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More