දේශීය පුවත්

2020 උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභාගය කල් දමා ඇතැයි පලවන වාර්තා අසත්‍යය බව අධ්‍යාපන ඇමති ජී එල් පීරිස් මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටී.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අනූෂා ගෝනුකුල මහත්මිය විසින් කළේ යැයි කියනු ලබන ප්‍රකාශයක් උපුටා දක්වමින් අන්තර්ජාල වෙබ් අඩවියක් විසින් 2020 උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභාගය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කල් දමා ඇතැයි වාර්තා කර තිබුණි.කෙසේ වුවද ඊයේ ( 06 ) ඇය විසින් මාධ්‍යයට පවසා සිටියේ තමා විසින් එවැනි ප්‍රකාශයක් නොකළ බවයි.

එහෙත් අධ්‍යාපන අමාත්‍යයවරයා පවසා සිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ පැතිරී ඇති කොවිඩ් 19 වෛරසය පිළිබඳව සලකා බලා 2020 උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභාගය කල් දමන ලෙස එම විභාග වලට පෙනී සිටින ශිෂ්‍යයන්ගේ දෙමාපියන් විසින් ඉල්ලීම් ගනනාවක් කර ඇති බවයි. ඔවුන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවත් ඉදිරි දින කිහිපය තුළ ඒ සම්බන්ධව තීරණය කරනු ලබන බවයි.

කෙසේ වුවද තීරණය කර ඇති ආකාරයට ඉහත කී විභාග පවත්වන්නේ නම් සිසුන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය රැකදීම සම්බන්ධයෙන් මූලිකවම අධ්‍යාපන අමත්‍යාංශය අවධානය යොමුකරන බව පවසා සිටියේය.

2020 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 11 වන දින පවත්වීමට කටයුතු යොදා ඇති අතර 2020 උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වන දිනෙන් ඇරඹීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More