දේශීය පුවත්

‘ලොක්ඩවුන්‘ කියන එක ඉතාම පහසු ක්‍රමවේදයක් වුවත් ලංකාවේ ජනතාවට ජීවන අරගලය සිදුකිරීමට එය බොහෝ පීඩාකාරී වන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

“දෙරණ අරුණ“  වැඩසටහන සමග සජීවිව එක්වෙමින් අද (06) උදෑසන යුද හමුදාපතිවරයා මෙම අදහස් පළ කළේය.

කොරෝනා ආසාදිතයින් වාර්තා වීමත් සමග කළ යුතුව ඇත්තේ රට ලොක් ඩවුන් කිරීම නොව ආශ්‍රිතයින් සොයා ගෙන එය පාලනය කිරීමට නිසි ක්‍රමවේදයක් සැකසීම බව ද හමුදාපතිවරයා පැවසීය.

පළමු ආසාදිත කාන්තාව වාර්තා වු වහාම ප්‍රදේශ තුනකට පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනු ලැබුවේ, විශාල ප්‍රමාණයක් එම ප්‍රදේශවල සිට සේවයට පැමිණීම නිසා බව ද යුද හමුදාපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා සමග කරුණු කිහිපයක් සාකච්ඡා කර අද දිනය වන විට මෙම තත්ත්වය පවත්වාගෙන යනු ලබන බවත් සඳහන් කර සිටි යුද හමුදාපතිවරයා, “මෙම ආයතනයේ 1400ක ප්‍රමාණයක් සේවයේ නියුතු වෙනවා. තවත් 400ක ප්‍රමාණයක් සනීපාරක්ෂක සේවය අනුයුක්තව සිටිනවා. මේ අයගෙන් 495ක් හැරුණු කොට ගෙන අනෙක් සියලු දෙනාම සිටින්නේ, ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස්බල ප්‍රදේශය තුළයි. ඉතිරි 495 දෙනා ලංකාවේ විවිධ ප්‍රදේශවල ලිපිනයන් සඳහන් අයවලුන්. මොවුන්ගේ සේවය මේ වන විට නවත්වා සිටින නිසා කර්මාන්ත ශාලාවේ එම බලප්‍රදේශවලින් පිටත්ව ගිහින් සිටිය සියලු අය ඊයේ දිනයේ දී හඳුනා ගෙන ඊයේ රාත්‍රීයේ සිට මේ වන විට 125 දෙනෙක්ට වැඩි ප්‍රමාණයක් යුද හමුදාවේ නිරෝධායනය කිරීම සඳහා මධ්‍යස්ථානයක් වෙත රැගෙන ඒමට කටයුතු කරමින් සිටිනවා. ඉතුරු බහුතරය ඉන්නේ මේ කියන ප්‍රදේශයේ. ඒ නිසා තමයි මේ වැනි තත්ත්වයකට අපි ගිහින් නැත්තේ.මෙය ඉතාම පහසුයි කිරීමට නමුත් ඒක නෙමෙයි රට ඉදිරියට යන අතර මේකත් කොහොම හරිපාලනය කරන්න තමයි අපි කතිකා කරගෙන තියෙන්නේ.“යනුවෙන් පැවසීය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More