දේශීය පුවත්

මුස්ලිම් කාන්තාවන් පලඳින ‘නිකාබය’ මෙරට තහනම් කිරීමට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී විරුද්ධ වූ බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනාධිපති විමර්ශන කොමිසමේදී ඊයේ (5) පවසා තිබුණා .

 

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී මුස්ලිම් කාන්තාවන් පලඳින නිකාබය මෙරට තහනම් කිරීමට විරුද්ධත්වය ප්‍රකාශ කළේ කවුද යනුවෙන් විමසූ ප්‍රශ්නයට පිිළිතුරු දෙමින් හිටපු ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

 

එහිදී යළි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසා සිටියේ හිටපු අගමැතිවරයා එසේ විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට හේතුව ඔබ දන්නෙහිද යන්නයි.

 

එහිදී පිළිතුරු දෙමින් කියා සිටියේ තමා ඇතුළු කණ්ඩායම පිහිටුවාගත් යහපාලන ආණ්ඩුවේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වයෙන් මුස්ලිම් ඇමැතිවරු නියෝජනය වූ බවයි. පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් ආණ්ඩුවට සිටියේ 106 දෙදෙනකු නිසා ඒ තත්ත්වය උඩ මුස්ලිම් ඇමැතිවරු විරසක වුවහොත් ආණ්ඩුව කරගන යන්න නොහැකි වේ යැයි කියා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සිතන්නට ඇතැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More