දේශීය පුවත්

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා පොකුරට වඩා දිවුලපිටියෙන් හඳුනාගත් කොරෝනා පොකුර භයානක නිසා ඉදිරි පැය 72 ක කාලය රටට තීරණාත්මක යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලූත්ගේ මහතා ඊයේ (05 දා) පැවසීය.

කන්දකාඩු පුනරුත්ථාපන පොකුර නිර්මාණය වීමේ මූලාශ‍්‍ර සොයාගනු ලැබුවත් දිවුලපිටියෙන් හඳුනාගත් කොරෝනා පොකුර නිර්මාණය වීම හඳුනාගැනීමට ඊයේ වනතෙක් නොහැකි වීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බව ද රජයේ වෛද්‍ය නිලධාරී සංගම් මූලස්ථානයේදී ඊයේ (05 දා) පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් අලූත්ගේ මහතා පැවසීය.

කොවිඞ් වැළඳුණු කාන්තාවගේ ආශ‍්‍රිතයන් ලෙස හඳුනාගත් 92 කගේ පී. සී. ආර්. පරීක්‍ෂණ පෙරේදා (04 දා) සිදුකර තිබෙන බවත් එම පිරිසෙන් 69 කට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වීම නිසා ඇය සේවය කළ ඇඟලූම් ආයතනයේ 1600 ට පමණ පී. සී. ආර්. පරීක්‍ෂණ ඊයේ සිදුකළ බවත් එම වාර්තා අද (06 දා) ලැබෙන විට සැලකිය යුතු රෝගීන් ප‍්‍රමාණයක් වාර්තා වනු ඇති බවට විශ්වාසය පළ කළ හැකි යැයි ද අලූත්ගේ මහතා කීය.

එමෙන්ම රෝගීන් ලෙස හඳුනාගත් අය අතර යාපනය ඇතුළු දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක පිරිස සිටින නිසා ඉදිරි පැය 72 ක කාලය තුළ හඳුනාගන්නා ආශ‍්‍රිතයන් ප‍්‍රමාණය අනුව රටටම මෙහි බලපෑමක් ඇති වී තිබේ ද යන්න ප‍්‍රකාශ කර සෞඛ්‍ය අංශවලට තීරණයක් ගැනීමේ හැකියාව ඇති බව ද අලූත්ගේ මහතා කීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොරෝනා රෝගය රටට පැමිණි අවස්ථාවේ සිට සිදුකරන පී. සී. ආර්. පරීක්‍ෂණ වැඩිකරන ලෙස ප‍්‍රකාශ කළ බවත් එම අවස්ථාවල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විවේචනයට ලක්කළ පිරිසට යථාර්ථයට මුහුණදීමට සිදුවී ඇති බවත් ඒ මහතා අවධාරණය කළේය.

බලධාරීන් විසින් දිනකට පී. සී. ආර්. පරීක්‍ෂණ 3000 ක් 4000 ක් සිදුකරන බවට ප‍්‍රකාශ කළත් සෞඛ්‍ය අමාත්‍යාංශ දත්ත පරීක්‍ෂා කිරීමේදී පෙරේදා (03 දා) පී. සී. ආර්. පරීක්‍ෂණ 1448 ක් ද 03 වැනිදා එම පරීක්‍ෂණ 2244 ක් ද සිදුකර ඇති බව පෙනී යන බව කී ඒ මහතා එම පරීක්‍ෂණ 2498 ක් වන වැඩිම ප‍්‍රමාණය කර ඇත්තේ සැප්තැම්බර් මාසයේ දිනයකදී පමණක් බව ද කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More