දේශීය පුවත්

උද්ගතව ඇති තත්ත්වය හමුවේ කොවිඩ් මර්දනය සඳහා නිරෝධායන නීතිය ගැසට් කරන ලෙසට ජනපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චිට ඊයේ (5 වැනිදා) උපදෙස් දුන්නේය.

කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බළකාය සමග ජනපති කාර්යාලයේදී (5 වැනිදා) පස්වරුවේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව දන්වා ඇත.

කොවිඩ් මර්දනය සඳහා අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග මහජනතාව නිසි ලෙස පිළිනොපැදීම ගැන වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු නිලධාරීහු මෙම සාකච්ඡාවේදී කරුණු පෙන්වා දී ඇත. ​

මේ අනුව වහාම නිරෝධායන නීතිය ගැසට් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

නිරෝධායන නීතිය යටතේ මුඛවාඩම් පැලඳීම, සමාජ දුරස්ථභාවය, පොදු ප්‍රවාහන සේවාවලදි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග, දෑත් පිරිසුදු කිරීම ඇතුළු කාරණා නීති ලෙස ගැසට් පත්‍රයට ඇතුළත් කිරීමට නියමිතය.

මෙහිදී නීති ගැසට් කළ පමණින් සුළු වැරදිවලට ජනතාවට හිරිහැරයක් නොවන අයුරින් ක්‍රියාත්මක වන ලෙස ජනාධිපතිවරයා පොලිසියට උපදෙස් දී ඇත.

නිරෝධායන නීතිය ගැසට් කරන ලෙස මහජන පරීක්ෂකවරුන් මීට පෙර වෘත්තීය ක්‍රියාමාර්ගවලටද එක්වූයේ තමන්ට නීතිය ක්‍රියාත්මක කිරීමේදී උද්ගතවූ ගැටලු මතය.

නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීමට ගිය නිලධාරීන්ට එරෙහි සිද්ධීන් පනස්නවයක් වෙනුවෙන් තර්ක ඉදිරිපත් කරමින් එම නිලධාරීන්ට එරෙහිව කරුණු දැක්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්තිරන් ඇතුළු නීතිඥවරුන් පසුගිය කාලසීමාවේ පියවර ගෙන තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More