දේශීය පුවත්

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වු කොවිඩ් – 19 රෝගීන් කිහිපදෙනා හේතුවෙන් එය හදිසි තත්ත්වයක් ලෙස දැනුම්දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා සදහන් කළේ වෛරසය සමාජය තුළ තවදුරටත් සම්ප්‍රේෂණය පාලනය කළ යුතු බවයි.

මේ වන විට රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ දිවුලපිටිය, වේයන්ගොඩ සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට පමණක් වන අතර, රටේ සෙසු ප්‍රදේශවල සිටින මහජනතාවට ද ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කළ යුතු බව ඒ මහතා සඳහන් කරයි.

මහජනතාව රැස්වන කිසිදු කටයුත්තකට සහභාගී නොවී සිටිම මහජන වගකීමක් මෙන්ම, නිවෙස්වලින් පිටත පැමිණෙන විට මුහුණු ආවරණයක් සෑම විටම පැළඳිය යුතු බවත්, නිතර අත්සේදීම හා මුහුණ ස්පර්ශ කිරීමෙන් වැළකී සිටිය යුතු බව ද එම නිවේදනයේ මගින් වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා පෙන්වා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More