20 වන ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම නොව ජනතා අපේක්‍ෂා ඉටුකිරීම නව ආණ්ඩුවෙන් බලාපොරොත්තු වූ බව නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක, මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි පවසති.
නමුත් දැන් දැන් ජනතා අපේක්ෂාවන්ට වඩා වෙන වෙන අපේක්ෂාවන් ඉෂ්ට වෙන බවක් පේන්නට ඇතැයි උන්වහන්සේ සඳහන් කළහ.
උන්වහන්සේ එබව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවක දී අදහස් පළකරමිනි.
ජනතාව වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකක අසීමිත බලයක් ලබාදී තිබියදී තවත් අය එකතු කර ගැනීමට යන්නේ යැයි ආරංචි ලැබී ඇතැයි ද පැවසූ උන්වහන්සේ, බදුර්දීන්ගේ සහාය ගන්න ආණ්ඩුව සූදානම් වන්නේ රෙදි ඇඳගෙනදැයි එහිදී විමසීය.
බලය නැතිව සිටියා නම් මීට වඩා හොඳ බව ද පැවසූ උන්වහන්සේ ජනතා විරුද්ධවාදීන් එක් කරගැනීම එම ජනතා මතයට කරන හානියක් යයිද කීහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...