දේශීය පුවත්

ගව මාංශ  ආහාරයට ගැනීමෙන් හටගත් පිළිකා හේතුවෙන් වසරකට ලොවපුරා පුද්ගලයින් 85,000ක පමණ පිරිසක්  මියයන බව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ තොරතුරු උපුටා දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ ගව මාංශ පිළිකා කාරකයක් ලෙස හඳුනාගෙන ඇති බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල වෙබ්අඩවියේ ඒ පිළිබඳව පැහැදිළිව පළකර ඇති බව ද හෙතෙම පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත්කර ඇති පර්යේෂණ වාර්තාවකට අනුව හරක් මස් වැනි “රතු මාංශ” වර්ග  ආහාරයට ගැනීමෙන් බඩවැල් ආශ්‍රිත පිළිකා වැඩි වශයෙන් ඇති විය හැකි බවත් පිළිකා වර්ධනය වීමේ හැකියාව 18%කින් ඉහළ යන බවත් පෙන්වා දී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වාර්තාව සකස් කිරීම සඳහා ඉන්ටනැෂනල් ඒජන්සි ෆෝ රීසච් ඔන් කැන්සර් (IARC – International Agency for Research on Cancer) නමැති ආයතනය වෙත පවරා තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More