දේශීය පුවත්

20 වැනි සංශෝධනයට අදාළව අග්‍රාමාත්‍යතුමාගේ නමින් නිකුත් කොට ඇති මාධ්‍ය නිවේදනය මඟින් කියවෙන්නේ අර්ධ සත්‍යයක් බව ජාතික සංවිධාන කියයි. ලංකා ලීඩ් වෙත අදහස් දක්වන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙසේ සඳහන්කොට ඇත.

” එම මාධ්‍ය නිවේදනය මඟින් පැහැදිළි කිරීමක් සිදුකොට ඇත්තේ විගණකාධිපතිවරයා පත් කිරීම, විගණන කොමිසම සහ විගණනයෙන් ඉවත් කොට ඇති ආයතන ආදිය පිළිබඳ සමාජයේ පැන නැගී ඇති විරෝධය පිළිබඳවය. ඊට අදාළව අප විසින් පවතින ව්‍යවස්ථාව, ආණ්ඩුව විසින් ගැසට් කළ කෙටුම්පත, නීතිපතිවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළ යෝජිත සංශෝධන, නීතිඥ සංගමය විසින් නිකුත් කළ නිවේදනය සහ ශ්‍රී ලංකා විගණන සංගමය විසින් නිකුත් කළ නිවේදනය යන ලේඛන 05 ඉතා හොඳින් අධ්‍යනය කරනු ලැබීය.

එහිදී ඉතා පැහැදිළිව පෙනී යන්නේ සමස්ථ ප්‍රශ්ණයට අදාළ වැරදි කිහිපයක් නිවැරදිකොට ඇතත්, මූලික වරදක් වන රජයට අයත් සමාගම් රෙජිස්ටාර් යටතේ ලියාපදිංචි කොට ඇති සමාගම් විගණකාධිපතිවරයාගේ විගණනයෙන් ඉවත් කිරීමේ වරද නිවැරදි කිරීමට ආණ්ඩුව සූදානම් නැති බවය. ඒ නිසා ඊට හේතුව එම්.සී.සී ගිවිසුම අත්සන් කිරීමේ උවමනාව බවට වන චෝදනාව බැහැර නොවේ. ”

ඒ අනුව,

  1. විගණකාධිපතිවරයා සුදුසුකම් ලත් විගණක නිලධාරියෙකු විය යුතු බවට පළමු වරද නිවැරදි කොට ඇත.
  2. එසේ වුවත් විගණන සේවා කොමිසම අහෝසි කිරීම එසේම පවතී. අගමැතිතුමාගේ ප්‍රකාශය පරිදි එය විගණන නිලධාරීන් පත් කිරීම සඳහා පමණක් වලංගු වන කොමිසමක් බව සත්‍යයකි.
  3. විගණනයෙන් ඉවත් කළ අගමැති කාර්යාලය සහ ජනාධිපති කාර්යාලය නැවත ඇතුල් කිරීමට එකඟ වන බවද සත්‍යයකි.
  4. නමුත් නීතිපතිවරයා විසින් යෝජනාකොට ඇති සංශෝධන වලට රජයට අයත් සංස්ථා සහ රජයට පවරාගත් සමාගම් ඇතුල්කොට ඇතත් 50%කට වැඩි කොටස් රජයට අයත් සමාගම් යන්න තවදුරටත් ඉවත්කොට ඇත. ඊට අදාළ 154(1) සහ 154(2) සංශෝධන එසේම පවතී.


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More