කොවිඩ් – 19 හේතුවෙන් ගම්පහ පොලිස් බල ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පැනවීමත් සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ යම් සීමා කිරීම් කිහිපයක් සිදු කිරීමට ගුවන් තොටුපොළ බලධාරීන් තීරණය කර තිබේ.
ඒ අනුව කටුනායක ගුවන් තොටුපොළේ පිටත්වීමේ සහ පැමිණීමේ පර්යන්ත තුළ ඇති තීරුබදු රහිත සාප්පු සංකීර්ණ වෙත ඊයේ (4 වැනිදා) දහවල් 12 සිට ගුවන් මගීන්ට පිවිසීම යළි දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ.
ඊට අමතරව ගුවන් තොටුපොළ තුළ පිහිටි පැමිණීමේ පර්යන්තය ආලින්දයට සහ පිටත්වීමේ පර්යන්තයේ ආලින්දයට ගුවන් මගීන් සමග පැමිණෙන අමුත්තන්ට පිවිසීම මෙන්ම ගුවන් තොටුපොළේ මහජන ප්‍රේක්ෂක මණ්ඩපයද නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...