දේශීය පුවත්

සම්බා සහ නාඩු සහල් හිඟයක් කෘත්‍රිමව මවාපෑමේ උත්සාහයක් පිළිබඳ අනාවරණය වෙයි. පාරිභෝගිකයන් අපහසුතාවයට ලක් කිරීමට වී ගබඩා කර ඇති ව්‍යාපාරිකයන් මෙලෙස උත්සාහ කරන බව මහා, මධ්‍යම හා සුළු පරිමාණ වී මෝල් හිමියන් ඒකාබද්ධව පවත්වන ලද සාකච්ඡාවක දී හෙළි වී ඇත.

මෙම සාකච්ඡාව කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රධාන හෝටලයක පැවති අතර ඊට මෙරට ප්‍රධාන පෙළේ වී මෝල් හිමියෝ ද එක්ව සිටියහ. එහි දී වී මෝල් හිමියන් ප්‍රකාශ කර ඇත්තේ තමන් සතුව වී තොග අවම වුවද වී ගබඩා කරන්නන් විසින් සහල් හිඟයක් මවා පෑමට උත්සාහ කරන බවයි.

එම නිසා රජය විසින් පනවා ඇති පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන්නන් අත්අඩංගුවට ගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඉල්ලා සිටීමට එම සංගමය තීරණය කර ඇත. සුළු පරිමාණ වී මෝල් 1500ක් දිවයින පුරා ක්‍රියාත්මක වුවද වී හිඟය හේතුවෙන් ඉන් 700ක් පමණ වැසී ගොස් ඇති බවද මෙහි දී අනාවරණය විය. මේ වන විට දිවයින පුරා සම්බා සහල් හිඟයක් පවතින බවද මෙහි දී සාකච්ඡාවට බඳුන් වූ බව සංගමයේ කුරුණෑගල දිස්ත්‍රික් සභාපති උදාර සුපුන් වන්නිනායක ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More