දේශීය පුවත්

මහත්මා ගාන්ධිතුමාගේ 151 වැනි ජන්ම දිනය නිමිත්තෙන් ඊයේ (02) අරලියගහ මන්දිරයේ දී ගාන්ධිතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වා ප්‍රණාමය පුද කළෙමි. ඒ අවස්ථාවට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ නිලධාරී පිරිසක් ද එක්වූහ.

ගාන්ධිතුමා උපත ලැබුවේ 1869 ඔක්තෝබර් 2 වන දින වයඹ දිග ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ය.

ඉන්දියාවේ පියා යන ගෞරව නාමයෙන් හැඳින්වෙන මහත්මා ගාන්ධිතුමා ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියෙකු මෙන් ම අවිහිංසාවාදයේ පියා ලෙස ද ගෞරවාදරයට පාත්‍රවෙයි. අවිහිංසාවාදය පිළිබඳ සංකල්පය ඉන්දියාවට පමණක් නොව මුළු ලෝකය පුරා ප්‍රචලිත කිරීමට ද එතුමා කටයුතු කළේය.

වර්ෂ 1927 දී ශ්‍රී ලංකාවට පැමිණි මහත්මා ගාන්ධිතුමා සති කිහිපයක් දිවයිනේ ගත කර ඇති අතර කොළඹ ආනන්ද විද්‍යාලය,ගාල්ලේ මහින්ද විද්‍යාලය ඇතුළු ස්ථාන කිහිපයක දේශන පවත්වා තිබේ.

එසේ ම කොළඹ, මහනුවර, මාතලේ, කුරුණෑගල, හලාවත, බදුල්ල, නුවරඑළිය, මොරටුව, පානදුර, හොරණ, කළුතර, බලපිටිය, ගාල්ල, මාතර, අක්මීමන සහ යාපනය ඇතුළු බොහෝ නගරවල සංචාරය කර තිබේ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ. ජාකොබ්, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (නීති) ගනේෂ් ධර්මවර්ධන මහත්වරු හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More