දේශීය පුවත්

ඖෂධවේදීන් 15000ක හිඟයක්

October 3, 2020 6:18 pm | Lanka Lead News

තොග සහ සිල්ලර ලෙස දිවයින පුරා ඖෂධ අලෙවි කරන ඔසුසල් පන්දහසකට සුදුසුකම්ලත් ඖෂධවේදීන් 15000ක් පමණ අවශ්‍ය බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය ඖෂධ නිෂ්පාදනය, නියාමනය සහ සැපයීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

දැනට මෙම ඔසුසල්වල දෛනිකව සේවය කරනුයේ සුදුසුකම්ලත් ඖෂධවේදීන් දහසකට අඩු සංඛ්‍යාවක් බව අනාවරණය වෙයි. මේ පිළිබඳව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය සහ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

ඔසුසල්වල සේවය කිරීම සඳහා ඖෂධවේදීන් නොමැති වීමට පිළියමක් ලෙස දැනට ඔසුසල්වල සේවය කරන තරුණ තරුණියන්ට ඖෂධ පිළිබඳ නිසි පුහුණුවක් ලබාදී විභාගයක් පවත්වා ඖෂධ නිකුත් කිරීමේ බලය ලබාදීමට මෙහිදී සාකච්ඡා වී ඇත.

ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතට අනුව රෝගියකුට ඖෂධ නිකුත් කළ හැක්කේ සුදුසුකම් සපිරූ ඖෂධවේදියකුට පමණි.එහෙත් දැනට පවතින තත්ත්වය යටතේ එම පනතට අනුව කිසියම් ඔසුසලක් වරදක් කර අසුවුවහොත් අධිකරණය වැරදිකරුවකු කිරීමෙන් පසු ‘යළි වරදක් නොකරන බවට’ මුද්‍රිත මාධ්‍යයේ භාෂා ත්‍රිත්වයෙන් දැන්වීම් පළ කිරීමේ වගන්තිය ඉවත් කරන ලෙසට සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බව එහි සභාපති චන්දික ගන්කන්ද ප්‍රකාශ කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More