දේශීය පුවත්

කවුරු ආවත් නාවත් තමන් මුස්ලිම් කොංග්‍රසයේ තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙකු සමග ආණ්ඩුවට සහාය දීමට යන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය නායක නසීර් අහමඩ් මහතා පක්ෂ නායකත්වයට දැනුම් දී තිබේ.

මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එක් වීම සඳහා කටයුතු කිරීම මේ වන විට පක්ෂ නායක රවුෆ් හකීම් මහතාට බරපතල ප්‍රශ්නයක් වී තිබේ.

සමගි ජන බලවේගය සංධානගත පාර්ශවයක් වුවත් පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙන 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තම පක්ෂය ස්වාධීන තීරණයක් ගන්නා බවද මුස්ලිම් කොංග්‍රසය ප්‍රකාශ කොට තිබෙන්නේ මෙම ප්‍රශ්නය නිසා ය.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සමගි ජන බලවේගය විරුද්ධ බව මේ වන විට ප්‍රකාශ කොට තිබේ. ඒ අනුව මුස්ලිම් කොංග්‍රසය ඒ පිළිබඳව ස්වාධීන තීරණයකට එළඹීම යනු ඔවුන්ගේ සහය 20 වෙනි සංශෝධනයට හිමිවෙන බව තහවුරු කිරීමකි.

මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා හා සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් හැර ඔවුන් නායකත්වය දරණ පක්ෂවල මන්ත්‍රීවරුන් පිරිසකගේ සහය ආණ්ඩුවට ලබා ගැනීම සඳහා පොදුජන පෙරමුණ කටයුතු කරමින් සිටින බව ප්‍රකට කරුණකි.

නසීර් අහමඩ් මහතා මීට පෙර නැගෙනහිර මහ ඇමතිවරයාව සිටියදී ඔහුට හමුදා නිලධාරියකු ගරුසරු නොකිරීම මත එම හමුදා නිලධාරියාට දොස් පැවරීමේ සිද්ධියකට එවකට විශාල ප්‍රචාරයක් ද ලැබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More