ක්‍රීඩා පුවත්

21 වැනි පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්ව ජය ගනිමින් වේගවත්ම ක්‍රීඩකයා ලෙස දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනේ කිරුළ හිමිකර ගන්නා අතරවාරයේ වේගවත්ම ක්‍රීඩිකාව වශයෙන් ටි්‍රනිඩෑඩ් සහ ටුබැගෝ ක්‍රීඩිකා මිචෙල්ලේ ලී කිරුළු දැරීය.

ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 5.45 ට පැවැති අදාළ පිරිමි අවසන් මහා තරගයේදී තියුණු සටනකින් අනතුරුව තත්. 10.03 ක කාලයක්‌ සිය නම ඉදිරියේ සටහන්කර ගනිමින් සිම්බිනේ රන් පදක්‌කම දිනා ගත්තේය. පිළිවෙලින් ඊට තවත් දශම 14 ක්‌ සහ දශම 16 ක්‌ පිටුපසින් සිටිමින් රිදී සහ ලෝකඩ පදක්‌කම් දිනා ගැනීමට දකුණු අප්‍රිකාවේ හෙන්රිචෝ බෘන්ජිස්‌ (තත්. 10.17) සහ ජැමෙයිකාවේ යොහාන් බ්ලේක්‌ (තත්. 10.19) සමත් වූයේය.

ජැමෙයිකා ක්‍රීඩිකාවන් තිදෙනෙක්‌ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා සිටියදී ඔවුන්ගේ අභියෝගයට සාර්ථක පිළිතුරක්‌ ලබා දුන් මිචෙල්ලේ ලී තත්. 11.14 කින් තරගය නිමා කරමින් රන් පදක්‌කමට හිමිකම් කීවාය. එහි දෙවැනි තැන තත්. 11.21 කින් තරගය නිමාකළ ක්‍රිස්‌ටානියා විලියම්ස්‌ටත්, තෙවැනි තැන තත්. 11.22 කින් තරගය නිමා කළ ගයොන් ඊවනස්‌ටත් හිමි වූවාය. ඔවුන් දෙදෙනාම ජැමෙයිකා ක්‍රීඩිකාවන් වීම මෙහිදී විශේෂත්වයක්‌ විය. මෙම කාන්තා අවසන් මහා තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ ප.ව. 5.20 ට පැවැත්විණි.

ශ්‍රී ලංකාවට තවත් පදක්‌කම් බලාපොරොත්තුවක්‌

ශ්‍රී ලංකාවට තවත් බොක්‌සිං පදක්‌කමක බලාපොරොත්තු එක්‌ කරමින් 21 වැනි පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝ ග්‍රෑම් 52 බර පංතියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට ඉශාන් රජීව බණ්‌ඩාර ඊයේ (9දා) සමත් වූයේය.

තියුණු තරගයකින් අනතුරුව නාවුරු ක්‍රීඩක යාචෙන් කුක්‌ තරග වට 3-2 ක පරාජයකට ඇද දමමින් මෙම අවස්‌ථාව ඉෂාන් විසින් හිමිකරගන්නා ලදී.

එහිදී හෙට (11 දා) ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 9.17 ට පැවැත්වෙන තීරණාත්මක අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී ලෙසතෝ ක්‍රීඩක තාබෝ මොලෙපේ හමුවේ ජය ගනිමින් අවසන් පූර්ව තරගයට ඉෂාන් පිවිසියහොත් ඔහුට ස්‌ථිර වශයෙන්ම පදක්‌කමක්‌ දිනා ගැනීමේ අවස්‌ථාවක්‌ පවතී.

ආබාධය තිබුණත් උපරිමය කරනවා – මංජුල කුමාර

මෙවර පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව්වන්හිaදී ශ්‍රී ලංකාවේ පළමු නියෝජනය වූ මංජුල කුමාර උස පැනීමේ ඉසව්වේ අවසන් වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

අවසන් වටයේ සුදුස්‌සෙක්‌ වීම උදෙසා පළමුවෙන් මීටර් 2.15 ක සාර්ථක පිම්මක්‌ ලබාගත් මංජුල දෙවැනි මෙන්ම තුන්වැනි වටයන්හිsදී පිළිවෙලින් මීටර් 2.18 ක්‌ සහ මීටර් 2.21 ක දක්‌ෂතාවක්‌ දක්‌වමින් අවසන් වටය කරා පිවිසියේය.

එහිදී දිවයින වෙත අදහස්‌ දක්‌වා සිටි මංජුල…..පාදයේ ආබාධයක්‌ තියෙද්දි තමයි මම මේ සුදුසුකම් ලැබීමේ වටයට පිවිසුණේ. මේ මගේ දෙවැනි පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙල. කොහොමහරි උපරිමය යොදලා ශ්‍රී ලංකාවට පදක්‌කමක්‌ දිනා දෙන්න තමයි උත්සාහ කරන්නේ….යි පවසා සිටියේය.

පිරිමි උස පැනීමේ අවසන් තරගය සඳහා ක්‍රීඩකයින් 13 දෙනෙකු සුදුසුකම් ලබා සිටින අතර එම ඉසව්ව හෙට (11දා) ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 3.35ට ආරම්භ වේ.

ශ්‍රී ලංකා වාර්තාවක්‌ තැබූ මැතිව්ගෙන්, අවසන් තරග වරම ගිලිහෙයි…

මීටර් 50 නිදහස්‌ ආර පිහිනුම් ඉසව්වේ අවසන් පූර්ව වටයේ දෙවැනි තරගය තත්. 22.84 ක කාලයකින් අවසන් කළ මැතිව් අබේසිංහට එහිදී 8 වැනි ස්‌ථානය හිමි විය. සමස්‌ත කාල ගණනයන්ට අනුව 15 වැනි තැනට පත්ව සිටීම මත ඔහුට අවසන් මහා තරගයේ අවස්‌ථාවක්‌ හිsමි නොවීය.

නව ශ්‍රී ලංකා වාර්තාවක්‌ සමගින් අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී තත්. 22.65 ක දක්‌ෂතාවක්‌ දක්‌වා මැතිව් අවසන් පූර්ව අවස්‌ථාව හිමිකරගන්නා ලදි.

මීට අමතරව අදාළ පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරග සඳහා සහභාගී වූ කයිල් අබේසිංහ සිව්වැනි (තත්. 23.73) තැනටත්, චෙරන්ත සිල්වා අටවැනි (තත් .24.29) තැනටත් පත්වූ නමුත් ඔවුන්ට ඉදිරි වටය සඳහා අවස්‌ථාවක්‌ නොලැඹිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More