කුවේට් රාජ්‍යයේ සිට ඉන්දියාව බලා බොරතෙල් ප‍්‍රවාහන කරමින් සිටියදී පසුගිය 03 වැනිදා ශ‍්‍රී ලංකාවට මුහුදු සැතපුම් 38 ක් ඔබ්බෙන් පිහිටි ගැඹුරු මුහුදේදී ගිනිගැනීමට ලක් වූ එම්. ටී. නිව් ඩයමන්ඞ් නෞකාවේ ගින්න නිවා දැමීම සඳහා ශ‍්‍රී ලංකාවට වැය වූ රුපියල් මිලියන 340 ක හානි පූර්ණ දීමනාව ඇතුළු රුපියල් මිලියන 442 ක මුදල එම නැව් සමාගම විසින් ඊයේ (01 දා) දක්වා ශ‍්‍රී ලංකාවට ගෙවා නොමැති බව සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය නීතිපතිවරයා ඇතුළු බලධාරීන්ට ඊයේ (01 දා) ලිඛිතව දැනුම් දී තිබේ.
කෙසේ නමුත් පොරොන්දු ප‍්‍රකාරව එකී හානි පූර්ණ වන්දිය ගෙවීමට පියවර නොගත් එම නැව් සමාගම අදාළ නෞකාව ශ‍්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඔබ්බට රැගෙන යෑමේ ප‍්‍රයත්නයක නිරත වන බවට තොරතුරු වාර්තා වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙස සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය නාවික හමුදාව ඇතුළු අදාළ අංශ වෙත දැනුම් දී ඇතැයි ද වාර්තා වෙයි.
එම නෞකාව හිමි ‘එම්එස් ෆාර්මා එම්පෝරියස් ෂිපින් කෝපරේෂන්’ නමැති සමාගම වෙනුවෙන් එම මුදල නැව රක්‍ෂණය කර ඇති එංගලන්තයේ පිහිටි රක්‍ෂණ සමාගම විසින් ශ‍්‍රී ලංකාවට ගෙවීමට පසුගිය 24 වැනිදා එකඟ වී තිබුණි.
පොරොන්දු වූ ප‍්‍රකාරව අදාළ මුදල් මේ දක්වා ගෙවීමක් සිදුකර නොමැති බව සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා හා නාවික හමුදාපතිවරයා ඇතුළු බලධාරීන්ට ඊයේ (01 දා* ලිඛිතව දැනුම් දී ඇත. එකී නෞකාවෙන් මහ මුහුදට එක්වූ ඉන්ධන නිසා සිදුවූ පරිසර ¥ෂණය සම්බන්ධයෙන් සිදුකරන සාකච්ඡුා අවසන් කොට එකඟ වූ පරිදි වන්දි ගෙවීමෙන් අනතුරුව නැව ශ‍්‍රී ලංකා මුහුදු සීමාවෙන් බැහැර කිරීමට අවසර ලබාදිය හැකි බව ද සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය නීතිපතිවරයා ඇතුළු බලධාරීන්ට දැනුම් දී ඇත.
පොරොන්දු වූ ප‍්‍රකාර වන්දි මුදල් ගෙවීමෙන් අනතුරුව නැව ඉවත් කර ගැනීමට පියවර ගන්නා බව ද නැව් සමාගම වෙනුවෙන් පෙනී සිටි නියෝජිතයෙක් සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය, නීතිපතිවරයා ඇතුළු වගකිව යුතු අංශ සමග සිදුකළ සාකච්ඡුාවේදී එකඟ වී තිබිණි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...