මෙතරම් හදිස්සියේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ආණ්ඩුව උත්සාහ දරන්නේ ඇමරිකාව සමග MCC ගිවිසුම අත්සන් කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම සඳහා බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසනවා. අද (01) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
20 වැනි සංශෝධනය තුළ හදිසි පනත් සම්මත කර ගැනීමේ වගන්ති, විගණන කොමිසම, ප්‍රසම්පාදන කොමිසම ඇතුළු කොමිෂන් සභා අහෝසි කිරීමේ වගන්ති ඇතුළත් කර තිබෙන්නේ වෙනත් කිසිදු අවශ්‍යතාවයකට නොව MCC වැනි ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කිරීම සඳහා බවත්, ඊට අවශ්‍ය පසුබිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම නිර්මාණය කර ගැනීම වත්මන් ආණ්ඩුවේ අරමුණ බවත් චමීර පෙරේරා මහතා පෙන්වා දෙයි.
20 වැනි සංශෝධනය සම්මත වූ පසු ඇමරිකාවට අවශ්‍ය පරිදි රටේ ඉඩම් භාවිතා කළ හැකි බවත්, කොමිෂන් සභා අහෝසි කිරීම, එහි ස්වාධීනත්වය අහෝසි කිරීම හරහා කිසිවෙකුටත් අදාල ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳව ප්‍රශ්න කිරීමට අවස්ථාව හිමි නොවන බවද ඔහු අවධාරණය කරයි.
එක් පුද්ගලයෙකු වටා සියලු බලය ඒකරාශී වීම කිසිසේත් ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර නොවන බවයි චමීර පෙරේරා මහතා අවධාරණය කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...