දේශීය පුවත්

මොහොමඩ් අලි සබ්‍රි මහතා අධිකරණ අමාත්‍ය ධුරයට පත්වූයේ ද ඔහු නීතීඥයකු නිසා වන නමුත් මේ වනවිට ඔහු එම අධිකරණයම විනාශ කිරීමට උත්සාහ දරමින් සිටින බවත් ඊට ඉඩදිය නොහැකි බවත් ජනතා නීතීඥයෝ සංවිධානය අවධාරණය කරයි.

“අපි අලි සබ්‍රි මහත්තයාට කරුණාවෙන් කියනවා අලි සබ්‍රි මහත්තයා ඔතන ඉන්නෙ නීතීඥයෙක් හින්දා. අලි සබ්‍රි මහත්තයාගෙ මාමණ්ඩි ව්‍යාපාරිකයෙක් හින්දාවත් අලි සබ්‍රි මහත්තයාගෙ පවුලේ කට්ටිය හින්දාවත් නෙවෙයි ඉන්නෙ නීතීඥයෙක් හින්දා. නීතීඥයෙක් වෙලා ඔතෙන්ට ගිහිල්ලා අධිකරණ ඇමතිකම අරගෙන උසාවිය විනාශ කරන්න දෙන්න බැහැ. උසාවිය විනාශ කළොත් කවදාහරි දවසක ලංකා ඉතිහාසයෙහි අධිකරණය විනාශ කරපු ද්‍රෝහියෙක් හැටියට අලි සබ්‍රි මහත්තයාව හඳුන්වන්න පුළුවන් අපට. මොකද ඉතිහාසයේ යම් යම් කාලයක ලොකු ලොකු ප්‍රේමීන් කාලයකදි ද්‍රෝහීන් බවට පත්වෙලා තියෙනවා.

ඔතනින් මනුස්සයෙක් වෙලා ඔතනින් ලොකු ලොකු ජනාධිපති නීතීඥකම් අරගෙන අද අධිකරණයටනෙ කෙළින්න හදන්නෙ. මොකද හේතුව, ඔය ව්‍යවස්ථාව සම්මත වුණාට පස්සෙ අධිකරණය මුද්‍රාවක් පමණයි. දැන් මේගොල්ලො කියනවා මාස හයකට තමයි අපි ව්‍යවස්ථාවක් ගේන්න යන්නෙ කියලා. ඒ ව්‍යවස්ථාව ගේන්න යන්නෙ 19 වැනි සංශෝධනය අහෝසි කරලා 20 ගෙනල්ලා 20න් මන්ත්‍රීවරු බය කරගෙන, උසාවිය බය කරගෙන ඒ ගේන්න යන්නෙ ව්‍යවස්ථාව.

බැසිල් රාජපක්ෂ කියලා තියෙනවා ලංකාව දියුණු කරන්න නම් චීනයේ වගේ ක්‍රමයක් ඕනෙ කියලා. ඒගොල්ලො හදන්නෙ අධිකාරිවාදී පාලන ක්‍රමයක් කරලා ඊළඟට එන ව්‍යවස්ථාව ජනතාවත් එක්ක කතා කරලා මාස හයකින් එනවා කියලා මං දැක්කා ජී. එල්. පීරිස් ඊයෙ කියනවා, ඔය ව්‍යවස්ථාව ඇවිල්ලා අනිවාර්යයෙන්ම ලංකාව චීනය වගේ ඒකපාක්ෂික අධිකාරිවාදී පාලනයකට යන ව්‍යවස්තාවක් හදයි.

මේ 20 සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අපෙ මතය ප්‍රකාශ කරනවා. ඒ නමුත් අපට බැරි වුණොත් අපි මහපාරේ අරගල කරනවා. මොකද ජේ. ආර්. ජයවර්ධන ඔයිට වඩා චණ්ඩියෙක්. අන්තිමට අවුරුදු පහක් හයක් යනකොට ජේ. ආර්.ට මොකද වුණේ ? ඒක නිසා ඔය සෙල්ලං දාන්න බෑ මේ ලංකාවෙ. ඔයගොල්ලො පාර්ලිමේන්තු ඔළුගෙඩි ගාණෙන් සෙල්ලං කරලා බය කරලා ගනී. නමුත් අපි ජනතා මතය හදනවා අපි ලෑස්තියි ඔය මහලොකු තුනෙන් දෙක තියන ආණ්ඩුවත් හොල්ලන්න” යනුවෙනුයි නීතීඥ නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ.

ඒ මහතා මේ බව පැවසුවේ  (28) පැවති ජනතා නීතීඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුව අමතමිනි. නීතීඥවරුන් 20 දෙනෙකු පමණ එම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More