දේශීය පුවත්

ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා, මහාචාර්ය සී.ඒ.එන් ප්‍රනාන්දු මහතා මුණගැසීමට වයඹ විශ්ව විද්‍යාලයට පසුගියදා ගොස් ඇත.
ප්‍රනාන්දු මහතා නැනෝ තාක්‍ෂණය පිළිබඳව ශ්‍රී ලංකාවේ සිටින විශිෂ්ඨතම මහාචාර්යවරයකි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස මහාචාර්යවරයා මුණ ගැසීමට ගොස් ඇත්තේ ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් මුල්කර ගෙනය. මැටි භාණ්ඩ නිෂ්පාදනයේදී නුතන තාක්ෂණික දැනුම ඔහුගෙන් ලබාගැනීමට සාකච්ඡා කිරීම ඉන් පළමු කාරණය වේ. එම තාක්ෂණික දැනුම සිය අමාත්‍යංශයේ විෂය පථයට අයත් සියළු නිෂ්පාදන සදහා උපයෝගි කරගැනීමට හැකිවන පරිදි අවබෝධතා ගිවිසුමක් විශ්ව විද්‍යාලය සමග අත්සන් කිරීමට කටයුතු සුදානම් කිරීම දෙවැනි කාරණය වේ.

මෙම කාරණා දෙකම මහාචාර්ය සී. ඒ. එන් ප්‍රනාන්දු මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය සතුටින් භාරගත්තේය. ඔවුන් ඒ පිළිබදව ඒ මොහොතේම ක්‍රියාත්මක වීමට උත්සක වීම අප රටේ කර්මාන්තකරුවන් මෙන්ම ශිල්පීන් ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයක් බව අමාත්‍යවරයා සදහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More