දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඉදිරිපත් කෙරුණු ජගත් සංවිධාන මහලේකම්වරයාගේ වාර්ෂික වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ප්‍රතිචාර දක්වා තිබේ.

ඊයේ (30) පැවති මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී, ජීනිවාහි ශ්‍රී ලංකා වැඩබලන නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් මහත්මිය රජය වෙනුවෙන් එම නිවේදනය ඉදිරිපත් කරණු ලැබීය.

වාර්තාවේ සඳහන් “බිය ගැන්වීම්,” “සෝදිසි කිරීම්,”  “ හිරිහැර කිරීම් පිළිබඳ පැමිණිලි” සහ “පළිගැනීම්” චෝදනා සම්බන්ධයෙන්, නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට වෙත හෝ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම, ජාතික පොලිස් කොමිෂන් සභාව වැනි ජාතික ආයතන වෙත විධිමත් පැමිණිල්ලක් කරන මෙන් අදාළ පාර්ශ්වයන්ට ආරාධනයක් කිරීමට ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු වනබව එම නිවේදනයේ දැක්වේ.

එවිට චෝදනා එල්ල කරන සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට පියවර ගත හැකි බවද ශ්‍රී ලංකා රජය දන්වා සිටී.

මේ චෝදනා දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර ඇති බව පවසන ශ්‍රී ලංකා රජය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සිවිල් සමාජ අවකාශය ආරක්ෂා කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටිනවා මෙන්ම මාධ්‍යවේදීන්, මානව හිමිකම් ආරක්ෂා කරන්නන් සහ සිවිල් සමාජයට බලපෑම් කරන බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විමර්ශනය කර නඩු පැවරීමට වගබලාගන්නා බවද අදාළ නිවේදනයේ සඳහන් කර තිබේ.

ජාතික ආරක්ෂාව සඳහා සාමාන්‍ය ආරක්ෂක ජාල ක්‍රියාත්මක කිරීමට අමතරව, විශේෂයෙන්ම විනාශකාරී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක හමුදා සහ බුද්ධි අංශ රටේ නිශ්චිත පුද්ගල
කණ්ඩායම් අධීක්ෂණය කිරීමේ නිරත නොවන බව නැවත අවධාරණය කරන බවත් රජය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

ලොව පුරා ව්‍යාප්ත රැඩිකල් හා අනත්වාදී කණ්ඩායම්වල නවීන උපායමාර්ග මධ්‍යයේ සිය ජාතික අවශ්‍යතා සපුරාලීමේදී ඕනෑම රටකට කණගාටුදායක ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවිය හැකි බවට ශ්‍රී ලංකා රජය විශ්වාස කරන බවත් එබැවින් මෙම සන්දර්භය තුළ පවතින වාතාවරණයේ යථාර්තය සම්බන්ධයෙන් සැළකිලිමත්වන ලෙසත් ශ්‍රී ලංකා රජය සියලුම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More