දේශීය පුවත්

වත්මන් ආණ්ඩුවේ පාර්ශව කරුවකු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැඩි කලකිරීමකින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

සිරස රූපවාහිනිය සමඟ සාකච්ඡාවක දී ඒ මහතා මේ බව සඳහන් කළේය.

මැතිවරණ ංයග‍්‍රහණයන්ට දායක වූ අය ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට සංවිධායකයන්ට ලැබිය යුතු ගෞරවය මෙම ආණ්ඩුව මඟින් නොලැබෙන බවත් ඔහු පැවසීය.

එමෙන්ම ‍රජයේ ප්‍රතිපාදන වලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන නියෝජිතයන්ට ලැබිය යුතු ශක්තිය නොලැබෙන බවද ඔහු කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් තමන්ට විශාල කනගාටුවක් ඇති බවත් මේ සියලු ප්‍රශ්න වලට අවසානයේ වරදකරු බවට පත් වෙන්නේ තමන් බවත් ඔහු එහිදී පැවසීය.

තමන්ගෙන් මෙම ප්‍රශ්න ගැන විමසද්දී දීමට උත්තර නැතිව යන බවත් පැවසූ ඔහු ඒ නිසා හැකි ඉක්මනින් මෙම ගැටලු විසඳාගත යුතු බවත් සඳහන් කළේය.



One thought on “ශ‍්‍රීලනිප සාමාජිකයන් අහන ප්‍රශ්න වලට උත්තර නෑ… අපි ආණ්ඩුවේ ඉන්නේත් කලකිරීමෙන්..- දයාසිරි”

  1. මුන්ව රෙද්ද අස්සේ දාගත්තේ කවුද. තනියෙම ඉල්ලන්න නොදී පොහොට්ටුවෙන් ඉල්ලන්න දුන්නේ. තනියෙම ඉල්ලුවානම් මුන් එකෙක් එන්නේ නෑ. සිරා එක්ක එකතුවෙලා යහපල්නෙට මුක්කු ගහපු එවුන්ව විස්වාස කරන්න පුලුවන්ද. ප්‍රසන්න කියපුදේ ඇහුවනම් අද මෙහෙම වෙන්නේ නෑ.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More