දේශීය පුවත්

විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත සම්මත කිරීමට ප‍්‍රථම ඒ පිළිබඳ පූර්ණ අධ්‍යනයක් මහ නාහිමිවරුන් ප‍්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභාව මගින් සිදුකර රටට මතයක් ඉදිරිපත් කිරීම කාලෝචිත බව හිටපු කථානායක කරු ජයසූරිය මහතා අස්ගිරි, මල්වතු මහා නාහිමිවරුන් හමුවේ කියා සිටියේය.

මෙම සංශෝධනය මගින් පාර්ලිමේන්තුව සතු බලතල ජනපති අතට සම්පූර්ණයෙන්ම පත්වන බවත් මෙය රටට හිතකර තත්ත්වයක් නොවන බවත් කී කරු ජයසූරිය මහතා මෙම පනත ගෙන ඒමේදී ජනපති හෝ අගමැති වැරදි හැඟීමකින් එය කළ බවක් කිසිසේත් නොසිතන බව ද කියා සිටියේය.

ඔවුන් සද්භාවයෙන් මෙය කළ බව තම මතය බව කී ඒ මහතා එහෙත් එහි ඇතුළත් සමහර යෝජනා මගින් පාර්ලිමේන්තුව සතු බලතල විනාශ කිරීමක් සිදුවන බව දක්නට ලැබෙන බව ද සඳහන් කළේය.

නිවහල් දේශයක ප‍්‍රාර්ථනය හා විසිවන සංශෝධනයේ අභිමතාර්ථ මැයෙන් ලියවිල්ලක් ද මෙහිදී කරු ජයසූරිය මහතා විසින් මහ නාහිමිවරුන්ට පිළිගන්වනු ලැබීය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සාමාජික පිරිසක් සමග ඊයේ (30 දා) මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් දෙනම බැහැදැක විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ඇති විය හැකි අර්බුද සම්බන්ධව උන්වහන්සේ දැනුවත් කළ අවස්ථාවේ කරු ජයසූරිය මහතා මේ බව පැවසුවේය.

සෝභිත හිමි ආරම්භ කළ මෙම සංවිධානය දේශපාලන පක්ෂවලට සම්බන්ධ නොවූ ස්වාධීන එකක් බවත් විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් යෝජනා මගින් ඇති විය හැකි අර්බුදය රටට පෙන්වා දෙන්නේ එය වරද නිවැරැුදි කිරීමේ අදහසින් මිස ජනපති හෝ අගමැති විවේචනය කිරීමේ අදහසින් නොවන බවත් ජයසූරිය මහතා කීවේය.

පාර්ලිමේන්තුව සතු බලය අහෝසි වී ජනපති ධුරයට අසීමිත බලයක් හිමිවන බවත් මහ මැතිවරණයක් පවත්වා ජනතාව තමන්ගේ නියෝජිතයින් ලෙස පත්කර එවන පුද්ගලයින් ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තුව මෙමඟින් තැපැල් කන්තෝරුවක් බවට පත්වන බවත් ඒ මහතා පැවසුවේය.

ජනපතිවරණයක් හා පාර්ලිමේන්තු මැතිවරණයක් ලෙස ඡන්ද දෙකක් පවත්වන්නේ විධායකය මෙන්ම ව්‍යවස්ථාදායකය ද වැදගත් නිසා බවත් පාර්ලිමේන්තුව සතු බලය ද විධායකයට ගොනුවීම මගින් සාධාරණයක් ඉටු නොවන බවත් හෙතෙම කීය. ස්වාධීන කොමිෂන් සභා හා ව්‍යවස්ථාදායක සභාව සම්බන්ධයෙන් වැරදි මත සමාජගත කර තිබෙන බව ද ඔහු පැවසීය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More