දේශීය පුවත්

මේ වන විට ලෝකයේ වැඩිම කොවිඩ් රෝගීන් වාර්තාවන දෙවැනි රට බවට ඉන්දියාව පත්ව ඇති අවස්ථාවකදී උතුරු මුහුදු තීරයෙන් එම වසංගතය ශ්‍රී ලංකාවේ සමාජයට පැමිණීමේ දැඩි අවදානමක් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි. අතීතයේ පටන් මුහුදු සීමාවලදී සිදුවූ ජාවාරම් සහ ධීවරයන්ගේ පැමිණීම් තවදුරටත් එසේම සිදුවන්නේ නම් අවදානම තීව්‍ර බවද හෙතෙම කියා සිටී.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (30 වැනිදා) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මෙසේද කීය.

” මේ භූමියේ වයිරසය ආසාදනය වූ පුද්ගලයන් 131 ක් දැනට ප්‍රතිකාර ලබනවා. ඒ පිටරටවල්වල සිට එන ශ්‍රී ලාංකිකයන්. අපේ මේ ක්‍රියාන්විතයේ ඕනෑම අවස්ථාවක හිදැස් ඇති වෙන්න පුළුවන්. මිනිස්සු අතින් අතපසුවීම් සිද්ධවෙන්න පුළුවන්. මේ වන විට අපේ සමාජය ආරක්ෂිතයි. නමුත් ඒ මගින් සහතිකයක් දෙන්නේ නෑ නැවත අපට කොවිඩ් බලපෑමක් වෙන්නේ නෑ කියලා. මීට සාර්ථක එන්නතක් සොයා ගන්නා තුරු හෝ ලෝකයෙන්ම වසංගතය පහවන තුරු අපට මේ අවදානම තියෙනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More