දේශීය පුවත්

කැලණි ගඟේ කඩුවෙල සිට පෑලියගොඩ පාලම දක්වා වූ කොටසේ ගඟ දෙපස ඇති කර්මාන්තශාලා හාරදහසක් පමණ පරිසර බලපත්‍ර ලබාගෙන නොමැති බව ඇමැති මහින්ද අමරවීර, පරිසර සංවිධාන නියෝජිතයින් සමග පෙරේදා (29 වැනිදා) පැවැත්වූ සාකච්ඡාවකදී අනාවරණය විය.

කොළඹ නගරයට ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රය වන කැලණි ගඟ අපවිත්‍රවීම වැළැක්වීම සඳහා පාරිසරික වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කළ යුතු බව මෙහිදී පරිසරවේදීන් ඇමැතිවරයාට කියා සිටියහ.

කැලණි ගඟ දෙපස ඇති පරිසර වාර්තා ලබා නොගෙන ඉදිකර ඇති කර්මාන්ත ශාලා පිළිබඳ කඩිනම් අධ්‍යයනයක් කර ඊට අදාළ වාර්තා තමන්ට ලබා දෙන ලෙස ඇමැතිවරයා මෙහිදී මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දුන්නේය.

විශාල කර්මාන්තශාලා පවත්වාගෙන යෑම සඳහා පරිසර බලපත් ලබා ගැනීම අනිවාර්ය බවත්, ඒවා මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිරන්තරයෙන් පරීක්ෂාවට ලක්කරන බව එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.

කිතුල්ගල සිට කැලණි ගඟ මුහුදට වැටෙන ස්ථානය දක්වා වූ කොටසෙන් නිරන්තරයෙන් ජල සාම්පල ලබාගෙන මධ්‍යම පරිසර අධිකාරිය පරීක්ෂාවට ලක්කරන බවත්, ගඟ දෙපස පදිංචිකරුවන් වැසිකිළි අපද්‍රව්‍ය බැහැර කෙරෙන නළ සියල්ල හරවා ඇත්තේ ගඟට බවද එම නිලධාරියා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More