20 වැනි සංශෝධනය පිළිබඳව සොයා බැලූ කමිටුවේ සංශෝධනවත් එය සම්මත කර ගැනීමට පෙර සිදු නොකළොත් ගැටලු සහගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවය අනතුරු ඇඟවීමක් කර තිබේ.
ඒ, හිටපු කතානායක කරූ ජයසූරිය මහතා ඇතුළු පිරිසක් ඊයේ අස්ගිරි පාර්ශවයේ මහානාහිමියන් සහ කාරක සංඝ සභාවේ සාමාජික හිමිවරුන් කිහිප නමක් බැහැදුටු අවස්ථාවේදීය.
කරූ ජයසූරිය මහතා සියම් මහානිකායේ අස්ගිරි පාර්ශවයේ මහනාහිමියන් මෙලෙස බැහැදුටුවේ සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙසිනි.
පිරිස මල්වතු පාර්ශ්වයේ මහානාහිමියන් ද බැහැදැක 20 වැනි සංශෝධනය පිළිබඳ සිය ස්ථාවරය පැහැදිලි කර තිබේ.
https://www.facebook.com/NewsfirstSL/videos/2819072184994414/?t=7

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...