නීති සම්පාදනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් ද්විත්ව පුරවැසියන්ට පත්වීමට ඉඩ ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය මෙන් ම ස්වාධිපත්‍යයත් අභියෝගයට ලක්වෙන බව ජ්‍යෙෂ්ඨ නීතිඥ ගෙහාන් ගුණතිලක
අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසිය.
20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් විභාගයේ දෙවැනි දිනය (30) සඳහා පෙත්සම් විභාගය සිදු කළ අවස්ථාවේ දී සමගි තරුණ බලවේගයේ ප්‍රචාරක ලේකම් රසික ජයකොඩි වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගෙහාන් ගුණතිලක සහ නීතිඥ ලිහිණි ප්‍රනාන්දු වෙනුවෙන් නීතිඥ විරාන් කොරයා කරුණු දැක්වීම් සිදු කළේය.
නීතිඥ ගෙහාන් ගුණතිලක සිය කරුණු දැක්වීම් වලදී මූලිකව ම අවධානය යොමු කළේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ ප්‍රශ්නය පිළිබඳවයි.
බ්‍රිතාන්‍ය පුරවැසි පනතෙන් සහ ඇමෙරිකානු පුරවැසි ප්‍රතිඥාවෙන් උපුටා දැක්වීම් සිදු කළ ඔහු පෙන්වා දුන්නේ, එම රටවල පුරවැසිබව ලබා ගන්නා අයෙකු අන් සියලු රටවල් කෙරේ ඇති පක්ෂපාතීත්වයත් බැඳීමත් අත හැරීමට ප්‍රතිඥා දෙන බවයි.
ඒ අනුව ශ්‍රී ලංකා පුරවැසියෙකු එම රටවල පුරවැසිභාවය ලබා ගන්නේ නම් ශ්‍රී ලංකාව සම්බන්ධ සියලු පක්ෂපාතීත්වයන් සහ බැඳියාවන් අත් හරින බව ඔහු පෙන්වා දුන්නේය.
එවැනි පුද්ගලයන්ට නීති සම්පාදනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් පත්වීමට ඉඩ ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය මෙන් ම ස්වාධිපත්‍යයත් අභියෝගයට ලක්වෙන බව ඔහු අවධාරණය කර සිටියේය.
එමෙන් මොවුන්ට අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස කටයුතු කිරීමට ඉඩ ලැබීම හරහා තමන් පුරවැසිභාවය දරන රටවල් සහ ශ්‍රී ලංකාව අතර ද්වි පාර්ශ්වීය කරුණු සම්බන්ධයෙන් අතිශය රහසිගත සහ සංවේදී තොරතුරුවලට ප්‍රවේශ වීමේ හැකියාව ඔවුන්ට ලැබෙන බවත් ඔහු පැවසිය.
ඔහු තවදුරටත් සඳහන් කළේ මෙය ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් බවයි.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...