දේශීය පුවත්

ආණ්ඩුව  සහල්  මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමේ ක්‍රියාවලිය හරහා  ලක්ෂ 25කට ආසන්න වූ වී ගොවියා වළපල්ලට යවමින් සහල් නිෂ්පාදකයාද බංකොලොත් භාවයට පත් කරවන බව ජාතික ගොවිජන එකමුතුව පවසයි.

අද(30) රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා අවධාරනය කර සිටියේ  මේ රටේ වී ගොවියාටත් සහල් නිෂ්පාදකයාටත් අනර්ථයක් සේම පාන්පිටි සමාගම් තවදුරටත් ශක්තිමත් කිරිමේ නොනිල ක්‍රියාන්විතයක් මෙමගින් සිදු කෙරෙන බවය.

මාධ්‍ය නිවේදනයයි.

ලක්ෂ 25කට ආසන්න වූ වී ගොවියා වළපල්ලට යවමින් සහල් නිෂ්පාදකයාද බංකොලොත් කරවන ආණ්ඩුවේ මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක සහල් ආනයන ක්‍රියාවලිය හරහා සිදුවන්නේ මේ රටේ වී ගොවියාටත් සහල් නිෂ්පාදකයාටත් අනර්ථයක් සේම පාන්පිටි සමාගම් තවදුරටත් ශක්තිමත් කිරිමේ නොනිල ක්‍රියාන්විතයයි. ආ

ණ්ඩුව මගින් තිරිගු පිටි සදහා කිලෝවක් වෙනුවෙන් 28% ක බදුසහනයක් සේම තිරිගු ඇට සදහා,20% ක බදුසහනයන් නිසා තිරිගු පිටි පරිභෝජනය වර්ෂයකට මෙ.ටොන් ලක්ෂ 18 ක් දක්වා ඉහල ගොස් මාසික සහල් පරිභෝජනය මෙ.ටො 2200000 සිට මෙ.ටො 180000 දක්වා අඩුවිය. අපේ රටේ ගොවිපවුල් වල  ළදරුවාගේ සිට මහලු ගොවියා දක්වා බරපතල සෞඛ්‍යමය ගැටලු ඇති කරන මෙම තිරුගු පිට් ආශ්‍රිත පාන් සහ කෙටි ආහාර නිසා ඇතිවන බෝ නොවෙන වසංගත ලෙඩරෝග අද වනවිට මහා ව්‍යවසනයක් බවට පත්ව ඇත.

මෙකී කරුණුද සැලකිල්ලට ගනිමින් ආහාර සුරක්ෂිතතාවය ආහාර ස්වෛරීත්වය ප්‍රමුඛ කොටගනිමින් ගොවිජනතාව සහ සහල් නිෂ්පාදකයින් වළපල්ලට යවන සහල් ඇතුලු ආනයනික ආහාර ක්‍රියාවලිය වහා නතර කරන ලෙස ආණ්ඩුවට කරනු ලබන යෝජනාවලියයි..

* පසුගිය මාස්කන්නයේ වී මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 30 ක්ද යල් කන්නයේ මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 20 ක්ද ඇති බැවින් සහල් ආනයනය කිරිමේ කිසිදු අවශ්‍යතාවයක් පැන නොනගි.

* මෙරට නිෂ්පාදනය කළ හැකි අර්තාපල් ඇතුලු අතිරේක ආහාර බෝග සදහා ආනයනික සීමා පැනවීම

* සහල් පිටි ආශ්‍රිත කර්මාන්ත ප්‍රවර්ධනය සදහා දිරිමත් කිරීම.

* තිරිගු පිටි හා තිරිගු ඇට සදහා බදු සහන අහෝසි කිරිම

* පසුගිය රජයේ වී සහ සහල් හිතාමතාම සත්ව ආහාර නිෂ්පාදනය සදහා විකිණීම නිසාවෙන් රජයට අත් වූ පාඩුව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කර අදාල අයට දඩුවම් දඩුවම් ලබාදීමේ ක්‍රමවේදයක් සැකසීම.

ඉහත යෝජනාවන් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීම අප සංවිධානයේ ඉල්ලිමයි..

අනුරාධ තෙන්නකෝන්

සභාපති – ජාතික ගොවිජන එකමුතුව.

ගොවියාගේ ගෙල සිර කරන ආර්ථික ඝාතක නිලධාරීන්ගේ සහල් ආනයන මර උගුල

ගොවියාගේ ගෙල සිර කරන ආර්ථික ඝාතක නිලධාරීන්ගේ සහල් ආනයන මර උගුල

Gepostet von ජාතික ගොවිජන එකමුතුව am Mittwoch, 30. September 2020

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More