දේශීය පුවත්

රාජ්‍ය භාෂා ප්‍රවීණතාව සම්පුර්ණ කිරීම සඳහා ලිඛිත හා වාචික පරීක්ෂණ වෙනුවට නිශ්චිත පැය ගණනක පාඨමාලා සම්පුර්ණ කර එම අවශ්‍යතාව සපුරා ගැනීමට හැකිවන පරිදි නව විධිවිධාන සකසා ඊට අදාළ ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණ තිබේ.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

රාජ්‍ය භාෂා ප්‍රවීණතාව සම්පූර්ණකර ගැනීම සඳහා දැනට පවතින ක්‍රමවේදය වෙනස් කළ යුතු බවට විවිධ පාර්ශව වෙතින් ඉදිරිපත් වු නියෝජනයන් සැලකිල්ලට ගනිමින් මෙම නව විධිවිධාන සකසා තිබේ.

ඊට අදාළ යෝජනා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරෙමින් පවතින බවද රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පැවසීය.

එහෙයින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු පසු තමන්ගේ වැටුප් වර්ධක නතර වු රාජ්‍ය සේවකයින්ට එම වැටුප් වර්ධක ලබා ගැනීමට තිබූ බාධාව එයින් ඉවත්වන බවද ලේකම්වරයා පැවසීය.

එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More