දේශීය පුවත්

රටේ ඉඩම් මංකොල්ලය සිදු වන්නේ රජයේ මැදිහත්වීම මත බවත්, ඉඩම් ඇමැතිවරයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ වනාන්තර පද්ධතිය කපා දමා ඉඩම් මංකොල්ලයක නිරත වන බවත් සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියන් පැවසීය.

සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය විසින් රාජගිරිය, ජයසේඛරාරාමයේදී ඊයේ (29 වැනිදා) පවත්වන ලද මාධ්‍ය හමුවකදී පාහියංගල ආනන්ද සාගර හිමියන් මේ බව කියා සිටියේය.

මෙරට සිදුවන පරිසර විනාශය පිළිබඳව අසත්‍ය පුවත් මාධ්‍ය සහ සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන බවට ජනාධිපති මාධ්‍ය අංශය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇති බවත්, මෙම නිවේදන නිකුත් කර ඇත්තේ ජනාධිපතිවරයා නොදැනුවත්ව බවත් උන්වහන්සේ පැවසීය.

මෙරට සිදුවන පරිසර විනාශය පිළිබඳව සාධක ඇතිව තොරතුරු ඉදිරිපත් කිරීමට සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය සූදානම් බවත්, රජයේ ඉඩම්වල අනවසරයෙන් පදිංචි අයවලුන්ට නීත්‍යනුකූල ලේඛන ලබාදීමට අදාළව නිකුත් කරන ලද ඉඩම් කොමසාරිස් ජනරාල්වරිය නිකුත් කරන ලද ගැසට් පත්‍රය නිසා කැලෑ ආශ්‍රිත ඉඩම් අල්ලා ගැනීම ඉහළ ගිය බවද පාහියංගල ආනන්ද සාගර හිමියන් කියා සිටියේය.

මෙහිදී එම සංවිධානයේ ලේකම් පාලිත වික්‍රමරත්න කියා සිටියේ මෙරට සිදුවන පරිසර විනාශ කිරීමේ සිද්ධීන් පිළිබඳව ලිඛිත සාධක සහිතව පොලිස් මූලස්ථානයට පැමිණිලි කළද ඒවා විමර්ශනය කරන බවක් පෙනෙන්නට නොමැති බවය.

වර්තමාන ආණ්ඩුව විසින් පරිසරවේදීන්, පරිසර සංවිධාන මර්දනය කිරීමේ ක්‍රමවේදයක නිරතව සිටින බවත්, මෙම පරිසර විනාශයට එරෙහිව කොළඹ විහාර මහා දේවී උද්‍යානයට ඔක්තෝබර් මස 03 වැනිදා පස්වරු 1.00ට පරිසර සංවිධාන රැස්ව විරෝධතාවයක් පවත්වන බවද ඔහු කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More