දේශීය පුවත්

20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට සහය දක්වන විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිළිබඳ අමාත්‍ය විමල් වීරවංශ මහතා අද ඉඟියක් පළ කළේය.

ඒ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරුන් සහ පුවත්පත් කතුවරුන් හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති හමුවට සහභාගි වෙමිනි.

මෙම හමුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් අතර ඉහත කරුණු සම්බන්ධයෙන් පළවූ සංවාදය පහත පරිදි වේ.

මාධ්‍යවේදියා – විස්සට අත උස්සන්න ආණ්ඩුවට ගන්න මන්ත්‍රීවරුන්ට තනතුරු දෙනවාද?

අගමැති – අපට 150 තියෙනවා. තනතුරුවලට එන මන්ත්‍රීවරුන් දැන් නෑ. මේකත් කියන්න උවමනායි. මම නම් 19ට ඡන්දෙ දුන්නෙ නෑ. අමාත්‍ය විමල් වීරවංශ- 20ට විරෝධය දක්වන්න පාර්ලිමේන්තු විරෝධයට ආපු නැති අය ගැන හෙව්වොත් කවුද අපට සහය දෙන්නෙ කියලා හොයා ගන්න පුළුවන් වෙයි.

මාධ්‍යවේදියා – විසිවැනි සංශෝධනයට ඔබතුමා පත්කළ කමිටුවේ වාර්තාව සමාජගත නොකළේ ඇයි? අගමැති – ඒක මට බලාගන්න දීපු එකක්. (සිනාසෙයි) අවශ්‍ය සංශෝධන කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කළ හැකියි. අමාත්‍ය විමල් වීරවංශ- කමිටුවේ නිර්දේශ ලැබුණා. ඒවා සාකච්ඡා කරලා. අග්‍රාමාත්‍යතුමාගේ සංශෝධන සහ කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කරන සංශෝධන ගැන ජනාධිපතිතුමා සමඟත් සාකච්ඡා කරලා එකඟත්වයකට පැමිණිලයි තිබෙන්නෙ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More