ව්‍යාපාරික පුවත්

රී ලංකා තැපෑලට තම සේවා වපසරිය හඳුනාගතහොත් ජාතික ආර්ථීකයේ ප්‍රධාන කොටස්කරුවෙකු විට හැකි බව ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා පවසයි.

තැපෑල සතු විශාල සම්පත් ප්‍රමාණය නිසි ලෙස කළමනාකරණයෙන් එම ඉලක්කය වෙත පහසුවෙන් ළඟාවිය හැකි බව තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තිය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ පැවැති සාකච්ඡාවේදී ඔහු ප්‍රකාශ කළේය.

වාර්ෂිකව තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 06ක පාඩුවක් ලබන බව එම සාකච්ඡාවේදී අනාවරණය වී තිබේ.

මේ අතර ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තිය නිපුනතා වර්ධනයට අභ්‍යාස ආයතනයක් පිහිටුවිමටත් පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කිරිමටත් එහිදී අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

හඬ කවන ලද විදේශ ටෙලිනාට්‍ය විකාශනයේදී අය කෙරෙන බදු නැවත සක්‍රිය කිරීමට ද එම සාකච්ඡාවේදී තීරණය වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More