විදේශ පුවත්

ලොවපුරා පිහිටි ශාක පද්ධතියෙන් 05 න් 02 ක් පමණ මේ වනවිට වඳවීමේ අවධානමකට මුහුණ පා ඇතැයි විද්‍යාඥයින් අනාවරණ කරයි.

ශාක ප‍්‍රභේද එලෙස වඳවී යාමට බලපාන හේතු අතර ස්වභාවික හේතූන් හා මානව කි‍්‍රයාකාරකම් ප‍්‍රමුඛයි.

ශාක පද්ධතීන් එලෙස වඳවී යාමට පෙර, තවමත් ලොව පුරා සැගව තිබෙන නව ශාක විශේෂ නම් කිරීම සඳහා, කාලයට එරෙහි තරගයක නිරත වී සිටින බවයි විද්‍යාඥයින් පවසන්නේ. නව ශාක විශේෂ හඳුනාගෙන ඒවා නම් කිරීමට ගතවන කාලයටත් පෙර එම ශාක වඳවී යනු ඇති බවට විද්‍යාඥයෝ බිය පළ කරති.

එබැවින් ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට ලෝක ප‍්‍රජාව වහාම පියවර ගත යුතු බවයි විද්‍යාඥයින් පෙන්වා දෙයි.

වඳවීමේ අවධානමට මුහුණ පා ඇති ශාක අතරින් බොහෝමයකට මේ වනවිට වෛද්‍ය විද්‍යාව තුළ පවතින අභියෝග විසඳීමට හැකියාව තිබෙනු ඇති බවත්, ඒ අතර ලෝකය මුහුණ පා ඇති වසංගත තත්ත්වයන් සඳහා පිළියම් ද විය හැකි බවයි විද්‍යාඥයින් පවසයි. ඒ අනුව මේ වනවිටත් ඖෂධ සඳහා භාවිත කෙරෙන ශාක වර්ග 723 ක් පමණ වඳවීමේ අවධානමට මුහුණ පා ඇති බව ද සඳහන්.

ආහාර සහ වෙනත් අවශ්‍යතා සඳහා ප‍්‍රයෝජනයට ගත හැකි ශාක 7,000 කට වඩා වැඩි ප‍්‍රමාණයක් ලොවතුළ පවතින නමුත් අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින ලෝක ජනගහනය පෝෂණය කිරීම සඳහා භාවිතා කරනු ලබන්නේ ඉන් අතලොස්සක් පමණි.

ලොව පුරා මිලියන ගණනකට ආහාර සැපයිය හැකි ශාක 2500 ක් පමණ පැවතිය ද ඉන් බඩ ඉරිඟු, උක්, සෝයා බෝංචි, පාම් වර්ග සහ තිරිඟු යන බෝග කිහිපයක පරිභෝජනය ඉහළ මට්ටමක පවතයි.

මෙම අනාවරණයන් සිදුකරමින් බි‍්‍රතාන්‍ය සකස් කෙරුණු වාර්තාව සැකසීම සඳහා ලොව පුරා රටවල් 42 ක් පමණ නියෝජනය වන පරිදි විද්‍යාඥයින් 200 දෙනෙකු පමණ සහභාගී වී සිටීම විශේෂත්වයකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More