විපක්ෂ නායක මෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ රත්මලානේ රැස්වීමකට ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා සිය කතාව ආරම්භ කොට මිනිත්තුවක් ගත වෙද්දී කිසියම් පිරිසක් සැලසුම් සහගතව ගල් ප්‍රහාර එල්ල කොට ඇති බව වාර්තා වේ.
ඒ සමගින් විපක්ෂනායකවරයාගේ ආරක්ෂකයන් වහාම සජිත් ප්‍රේමදාස මහතා වට කොට ආරක්ෂාව සපයා ඇති අතර ප්‍රේමදාස මහතාද නොබියව සිය කතාව සිදුකොට ඇත.
එහිදී ප්‍රේමදාස මහතා සදහන් කොට ඇත්තේ, ‘බයවෙන්න එපා. මේ ගල් ගැහුවට මම රැස්වීම නතර කරන්නේ නෑ. මේ ගල් ගසන අය පිටිපස්සේ ඉන්න පුද්ගලයන් ගැන මම දන්නවා මදාවියන්ට බයේ මම යන්නේ නෑ’ යැයි කියාය.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ හිටපු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්දු මහත්මියද වේදිකාවේ සිටියාය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...