විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යෑමට රජයේ කිසිදු සූදානමක් නැතැයි සම කැබිනට් ප‍්‍රකාශක බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පවසයි.
ජනමත විචාරණයකට යායුතු කරුණු කිසිවක් විසි වැනි සංශෝධනයේ ඇතුළත්ව නොමැති අතර, යම් ආකාරයකින් විසි වැනි සංශෝධනය සඳහා ජනමත විචාරණයක් පැවත්විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කළහොත් ඊට අදාළ කරුණු සංශෝධනය කිරීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා ස`දහන් කළේය.
තවත් වසරක් තුළ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට මේ වන විට රජය කටයුතු කරමින් සිටින අතර පවතින ව්‍යවස්ථාවට අනුව එහිදී අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යා යුතු වන බැවින් විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යෑම ජනතා මුදල් නාස්ති කිරීමක් බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
කැබිනට් තීරණ දැනුම් දීම සදහා ඊයේ (29 වැනිදා) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...