රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ දී සංශෝධන කිහිපයක් හඳුන්වා දීමට රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද (29) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනීම ආරම්භ වූ අවස්ථාවේ දී නීතිපති දප්පුල ද ලිවේරා මහතා මෙම දැනුම්දීම සිදුකර තිබේ.
මෙහි දී නීතිපතිවරයා අධිකරණයට දන්වා සිටියේ, කාරක සභා අවස්ථාවේ දී සිදුකිරීමට නියමිත සංශෝධන අඩංගු ලේඛනයක් මෝසමක් මාර්ගයෙන් දැනටමත් අධිකරණය හමුවේ ගොනු කර ඇති බවය.
අධිකරණය හමුවේ ගොනුකර තිබෙන අදාළ සංශෝධනය අඩංගු ලේඛනය තමන් වෙතට ලබාදෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
ඒ අනුව අදාළ සංශෝධන අඩංගු ලේඛනවල පිටපත් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් වෙත ද ලබාදීමට පියවර ගන්නා ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය මේ වන විටත් පැවැත් වේ.
විසිවන සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබුණු පෙත්සම් සඳහා මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ඇමතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ගාමිණි ලොකුගේ, මහාචාර්ය ජී.එල්.පීරිස්, නීතිඥ සාගර කාරියවසම්, පූජ්‍ය ඕමාරේ කස්සප, ඒම්.දයාරත්න, ඩබ්ලිව්.ඒ. ඩී.වීරතිලක, පී.ජී.බී.අබේරත්න යන අය විසින් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
2002 පූර්ණ විනිසුරුවරු මඩුල්ලේ තීරණයට මෙදා පාරත් වංගුවක් ගහයිද?