රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය කමිටුවේ ක්‍රියාකාරිත්වය නිසා වෛද්‍ය ස්ථානමාරු ක්‍රියාවලියට බලපෑම් සිදුවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.
වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථානමාරු නියමිත දිනට පෙර ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇති අතර 2020 ජනවාරි මස 01දා සිට ක්‍රියාත්මක විය යුතු වාර්ෂික ස්ථානමාරු ලැයිස්තුව මාස දහයකට වඩා ප්‍රමාද වී ඇතැයි එම සංගමය පෙන්වා දෙයි.
ගුණාත්මක වෛද්‍ය සේවාවක් දීම සඳහා වෛද්‍යවරුන් රට පුරා සමානාත්මතාවකින් ස්ථානගත කිරීම වැදගත්වන බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාවලියද අද වනවිට ප්‍රමාද වෙමින් පවතින බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු අවධාරණය කරයි.
ශේර්ෂ්ඨාධිකරණයේ එකඟතාවක් සහිතව ක්‍රියාත්මක වන උතුරු නැඟෙනහිර ලැයිස්තුව සඳහා වූ නිර්නායක විටින් විට උසාවි එකඟතාවට පිටින් යමින් වෙනස් කිරීම නිසා පශ්චාත් සීමාවාසික ලැයිස්තුව හා උතුරු නැඟෙනහිර වෛද්‍ය ස්ථාන මාරු ලැයිස්තු වසර දෙකකට වඩා ප්‍රමාද වී ඇතැයිද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පෙන්වා දෙයි.
දුෂ්කර සේවා ස්ථානමාරු ලැයිස්තුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ නොසලකා අත්තනෝමතිකව වෙනස් කර ඇතැයිද හෙතෙම සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ගනු ලබන තාක්ෂණික හා විද්‍යාත්මක ප්‍රතිපත්තිමය තීරණ අනුව නිකුත් වූ චක්‍රලේඛ ක්‍රමවේදය උල්ලංඝනයකින් තොරව ක්‍රියාත්මක වීම, අධීක්ෂණය, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කාර්යභාරය බවද ලේකම්වරයා පවසයි.
වෛද්‍ය ස්ථානමාරු ක්‍රියාවලිය කාර්යක්ෂම වනවා වෙනුවට සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍යවරු ස්ථානගත කිරීම සඳහා ගත් තාක්ෂණික හා විද්‍යාත්මක ප්‍රතිපත්ති තීරණ, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් පත්‍රිකාවක් මඟින් අනුමත කර රාජ්‍ය සේවා කොමිෂන් සභාව තුළ පිහිටුවා ඇති සෞඛ්‍ය කමිටුව ඔවුන්ගේ වපසරියෙන් ඉවතට ගොස් වෙනස් කිරීම නිසා වෛද්‍ය ස්ථානමාරු ක්‍රියාවලිය දැඩි ප්‍රමාදයකට හා අර්බුදයකට අද වනවිට පත්ව ඇතැයි වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු සඳහන් කරයි.
ඉදිරියේදී මෙම තත්ත්වය නිවැරැදි වීමක් සිදු නොවුණහොත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කැබිනට් පත්‍රිකාවකින් පිහිටුවා ඇති සෞඛ්‍ය කමිටුව කැබිනට් පත්‍රිකාවක් මඟින් අහෝසි කර රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ පෙර පැවැති කාර්යක්ෂමතාව ඇති කිරීමට කටයුතු කරන මෙන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බවද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු පවසයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...