දේශීය පුවත්

පාසල් ළමුන්ට ලබන වසරේ සිට නිල ඇඳුම් සඳහා වවුචර්පත් වෙනුවට පෙර පරිදි රෙදි ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

එම තීරණය ගෙන ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පැවති කැබිනට් මණ්ඩලය රැස්වීමේදීය.

මේ අතර ලබන වසරේ සිට පාසල් ළමුන්ට සහ ආරක්ෂක හමුදා සාමාජිකයින්ගේ නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විමසුමට ලක්වී තිබේ.

ජනාධිපතිවරයා ඊයේ (28) දින රෙදි නිෂ්පාදනය සිදුකරනු ලබන කර්මාන්ත ශාලා කිහිපයක නිරීක්ෂණ චාරිකාවක යෙදුනේය.

සුළු සහ මහා පරිමාණ දේශීය නිෂ්පාදකයන් ඉහළ ප්‍රමිතියකින් සහ ගුණාත්මක අගයෙන් වැඩි රෙදි නිෂ්පාදනය වහාම ආරම්භ කළ යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

දංකොටුව, කර්මාන්තපුරයේ Dankotuwa Textile Mill (Pvt.) Ltd, කඳාන, කපුවත්ත වැන්ගාඩ් Vanguard Industrial (Pvt) Ltd සහ වත්තල Creative Textile Mill (Pvt) Ltd ආයතන නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා මේ බව පැවසීය.

පාසල් නිල ඇඳුම් සඳහා ක්‍රියාත්මක කළ කූපන් ක්‍රමයත් සමග විශාල ප්‍රාග්ධනයක් වැයකර ආරම්භ කළ ආයතන කිහිපයක් වසා දැමීමට සිදුවූ බව කර්මාන්තකරුවෝ පවසන අතර ඒ හේතුවෙන් විශාල පිරිසකට රැකියා අහිමි වූ බව ඔවුන් සඳහන් කරන ලදී.

දංකොටුව කර්මාන්තයේ පුරයේ පිහිටුවා ඇති Creative Textile Mill (Pvt) Ltd ආයතනය ප්‍රථමයෙන් ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක් කෙරිණි.

රුපියල් මිලියන 2,000ක ආයෝජනයකින් ස්ථාපිත කළ එම කර්මාන්ත ශාලාව 2015 වසරේ සිට වසා තබා තිබූ අතර කිසිදු ආදායමක් නොලැබුණ ද වසරකට රුපියල් මිලියන 8ක බැංකු පොළීයක් ගෙවීමට හිමිකරුට සිදුව තිබේ.

Creative Textile ආයතනය ඉන්දියාව, පාකිස්තානය සහ චීනය යන රටවලින් නූල් ආනයනය කර රෙදි නිෂ්පාදනය කිරීමෙන් 500 දෙනෙකුට රැකියා සපයා ඇත.

එහි නිෂ්පාදන ධාරිතාව දිනකට රෙදි මීටර් ලක්ෂය දක්වා වැඩිකිරීමට අපේක්ෂා කෙරේ. වාර්ෂික පාසල් නිල ඇඳුම් අවශ්‍යතාව මීටර් මිලියන 11කි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More