දේශීය පුවත්

පරිසර විනාශයන් පිළිබඳව අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කර විවිධ මාධ්‍ය ඔස්සේ සමාජ ගත කරන පිරිස් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර තිබේ.

වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු පෙර නොවු අයුරින් පරිසර විනාශ කිරීමට පටන්ගෙන ඇතැයි කියවෙන අසත්‍යය ප්‍රවාත්ති ප්‍රබන්ධ කොට සමාජගත කිරීමේ මෙහෙයුමක් හඳුනාගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

රක්ෂිත වනාන්තර ගිනි තබා විනාශ කරන බවටත්, ස්වභාවික කැළැ වල පිහිටි ගස් කපා හෙළන බවටත් මෙම අසත්‍ය වාර්තා මඟින් පෙන්වා දී තිබේ.

මින් පෙර කිසිකලෙක මෙබඳු පරිසර විනාශයක් සිදු නොවූ බවත් රජය එවැනි නීතිවිරෝධී ක්‍රියා හමුවේ නිහඬව සිටින බවත් ඒත්තු ගැන්වීමට එම පුවත් නිර්මාණය කරන අය උත්සහ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.

එම වාර්තාවල මුළුමනින්ම අසත්‍ය සහ විකෘති කරන ලද තොරතුරු ඇතුළත් බව නිරීක්ෂණය කර ඇති අතර මෙම අසත්‍ය පුවත් විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සහ ඇතැම් මුද්‍රිත, රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය කර ඇති බව සඳහන්ය.

එසේ පළ කෙරෙන පුවත් අසත්‍යය බව කරුණු සහිතව සනාථ කළ විට ඒවා සමාජ මාධ්‍යයෙන් ඉවත් කෙරෙන අතර පසුව වෙනත් අසත්‍ය වාර්තාවක් ගොතා පළ කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.

විපක්ෂයේ බලවේග සහ ඔවුන්ගේ ආධාරකරුවන් ද මෙම අසත්‍ය පුවත්වලට ඉමහත් ප්‍රසිද්ධියක් ලබාදෙන අතර ඔවුන්ගේ රැස්වීම් ප්‍රවෘත්ති සාකච්ඡා සහ සම්මුඛ සාකච්ඡාවල දී පුවත් අතිශෝක්තියෙන් අවධාරණය කිරීම ද සිදුකර තිබේ.

ජනතාව නොමඟ යවනු පිණිස සිතා මතා අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කොට සමාජ ගත කරන පිරිස් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More