කළු සල්ලි සංසරණය වන බැංකු ගිණුම් පවත්වාගෙන යාමට ඉඩදුන් බැංකු කළමනාකරුවන් ඇතුළු වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත.
කුඩු ජාවාරම්වලට අදාළව පසුගිය වසර දෙකට රුපියල් ලක්ෂ 4800ක මුදලක් සංසරණය වූ බැංකු ගිණුම් සොයාගත් බවත්, මෙම ගිණුම් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එම බැංකු ශාඛාවල කළමනාකරුවන් වගකිවයුතු බවත් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.
කුඩු ජාවාරම්කරුවන්ගේ බැංකු ගිණුම්වල රුපියල් කෝටි ගණනක් සංසරණය වීමේ සිද්ධීන් හෙළිවීමත් සමග සියලුම බැංකු ප්‍රධානීන් ආරක්ෂක අමාත්‍යාංශයට කැඳවීමටද ආරක්ෂක ලේකම්වරයා පියවර ගෙන ඇත.
මෙවැනි සිද්ධීන් මගින් බැංකුවල කීර්තිනාමයට හානි කර නොගන්නා ලෙස ආරක්ෂක ලේකම්වරයා බැංකු නිලධාරීන්ට දන්වා තිබේ.
එමෙන්ම කුඩු ජාවාරමුන්ගේ වැඩිම බැංකු ගිණුම් ප්‍රමාණයක් පවත්වාගෙන ගිය පෞද්ගලික බැංකුවක ප්‍රධානීන් වෙනමම ගෙන්වා මින් ඉදිරියට මෙවැනි දේට ඉඩ නොතබන ලෙසද දැනුම් දී ඇත.
සාමාන්‍ය පුද්ගලයකු රුපියල් ලක්ෂ දෙකක් බැංකු ගිණුමක තැන්පත් කිරීමට ගියවිට මුදල් ආ ආකාරය ඇතුළු ප්‍රශ්න මාලාවකට උත්තර දීමට සිදුවූවත් කුඩු ජාවාරමුන්ට කිසිදු ප්‍රශ්නයක් නොමැතිව ලක්ෂ ගණනින් මුදල් හුවමාරු කිරීමට ඉඩ සැලසී ඇතැයි ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දී තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...