මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනතට එරෙහිව ඊයේ (28 දා) පස්වරුව වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සම් 39 ක් ඉදිරිපත් කොට තිබිණි.
එම පෙත්සම් අද (29 දා) පෙරවරුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඇතුළු පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේදී සලකා බැලීම සඳහා කැඳවීමට නියමිතය.
පසුගිය 25 වැනිදා වන විට ඒ සම්බන්ධයෙන් පෙත්සම් 18 ක් ඉදිරිපත් කොට තිබූ අතර ඊයේ ද තවත් පෙත්සම් 21 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු වී තිබිණි.
එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, එම පක්‍ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස කටයුතු කරන මහාචාර්ය රත්නජීවන් හූල්, ශී‍්‍ර ලංකා පුවත්පත් ආයතනය, සමගි ජනබලවේගය පක්‍ෂ තරුණ සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර මයන්ත දිසානායක ඇතුළු පාර්ශ්ව 21 ක් ඊයේ එලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සම් ගොනු කර තිබිණි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...