දේශීය පුවත්

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය විසින් සිදු කෙරෙන්නේ මෙතෙක් මේ රටෙහි සූරාකෑමට ලක් නොවී ඉතිරි වුණු යමක් ඇත්නම් එයත් සූරාකෑම සඳහා අධිරාජ්‍යවාදී බලවේගවලට අවශ්‍ය නීතිමය වටපිටාව සකස් කරදීම බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“ජනතාවගේ මුදල් එකතු කරගන්නවා මහාභාණ්ඩාගාරෙට, එහෙම නැත්නම් ඒකාබද්ධ අරමුදල කියලා තියෙනවා … ඒ අපේ මුදල් පාලකයො වියදම් කරනවා. සංවර්ධනයට කියනවා, අහවල් වැඩේට කියනවා, සුබසාධනයට කියනවා … මේවා යොදවනවා. ඔබ අපි කවුරුත් දන්නවා මේවා යොදවනකොට මුං මේවා ගසා කනවා. හොරකම් කරනවා. මංකොල්ල කනවා. නිලධාරීන්ගේ ඉඳන් මැති ඇමතිවරුන්ගේ ඉඳන් මේවා කනවා. එතකොට ඒ ගැන පරීක්ෂා කරන්න අපෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මොනවා හරි ප්‍රතිපාදන ටිකක් පහුගිය කාලෙ හදලා තියෙනවා නීති ටිකක්. එතකොට ඒවා පරීක්ෂා කරනවා.

දැන් මොකද්ද කියන්නෙ ? නෑ එහෙම කරන්න ඕනෙ නෑ කියනවා. දැන් එතකොට ප්‍රශ්නෙ 20 වෙනි සංශෝධනය ජනතාවගෙද එහෙම නැත්නම් වෙන කාගෙහරිද ?

මේ ඉඩම් ටික දෙන්න ඕනෙ වෙලා තියෙනවා කොහෙ හරි කොම්පැණියකට. ඇයි අපි ණය වෙලා තියෙනවා ගොඩක්. ණය ගෙවන්න සල්ලි නෑ. දැන් හම්බන්තොට වරාය දුන්නෙ චීන්නුන්ට ණය ගෙවාගන්න බැරිවෙනකොට. එතකොට ඕගොල්ලන්ට කියනවා පැය 24ක් ඇතුළත යන්න. බෑ අපි අධිකරණයට යනවා. අධිකරණය කාගෙද ? පැමිණිල්ලක් දාන්න යනවා. පොලිසිය කාගෙද ? ඒ කියන්නෙ මේ රටේ මිනිස්සුන්ගෙ නිදහස කියන එක සම්පූර්ණයෙන්ම මේ 20 වෙනි සංශෝධනයෙන් නැතිභංගස්ථාන කරලා දානවා.

ඒ කියන්නෙ සියල්ල විකුණන දේවල් සහ මිලදී ගන්න දේවල් බවට පත්කරගන්න බැරිවෙලා තව ඉතිරි වෙච්ච ටිකක් තියෙනවා. ඒකෙ ප්‍රධාන එකක් ඉඩම්. අර එම්.සී.සී. ගිවිසුම කියලා එන එකෙත් තියෙනවා ඉඩම්. ඉඩම් විකුණන්න බෑ සමහර ඒවා, ඔප්පු නෑ. අරහෙ අධිරාජ්‍යවාදී බලවේග, රටවල් මෙතෙන්ට එන්න බලාගෙන ඉන්නවා. මෙතන උන්ට ගැති එකෙක් හදාගන්නවා. ඌට කියනවා උඹ නීතියත් හදාගනිං කියලා. මේ 20 කාගෙද කාටද කියලා අදහසක් හදාගන්න පුළුවන් මෙතනින්.

සමාජ විවිධත්වයේ එහෙම නැත්නම් සමාජ බහුවිධත්වයේ අවසානය පිළිබඳ ප්‍රශ්නයක් මේක. සංස්කෘතික බහුවිධත්වයේ අවසානය පිළිබඳ ප්‍රශ්නයක්. අපේ රටේ ප්‍රාග්ධනයට ඒ කියන්නෙ සූරාකෑමටයි කොල්ලකෑමටයි හසු නොවිච්ච ඉඩ සියල්ල හසුකර ගැනීමේ තත්වයක්. ඒ කියන්නෙ අපේ රටේ ඉතිහාසයෙහි අපි ඇවිල්ලා තියෙන්නෙ බරපතළම තත්වයට” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ පසුගිය (27) ජනතා විමුක්ති පෙරමුණ විසින් පැවැත්වූ ජනහමුවක් අමතමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More